Home අද වී මෝල් හිමියෝ හංගපු හාල් කෝ? – රටින් හාල් ගේන්නේ, කලින් කිව්වා...

වී මෝල් හිමියෝ හංගපු හාල් කෝ? – රටින් හාල් ගේන්නේ, කලින් කිව්වා වගේ ඒවා හොයන්නේ නැතුවද?

116
0

මහා පරිමාණ වී මෝල් හිමියන් සඟවා ගෙන සිටින වී වෙළඳපොළට ලබාගැනීමට කටයුතු නොකර වී මෙට්‍රික් ටොන් හැත්තෑ දහසක් ආනයනය කිරීම තුළින් දෙසැම්බර් මාසයේ නෙලීම ආරම්භ කරන මාස් කන්නේ අස්වැන්නද කුණු කොල්ලයට ගොවීන්ගෙන් මිලදී ගැනීමට මෝල් හිමියන්ට අවස්ථාව සලසා දෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුර තෙන්නකෝන් මහතා පැවසීය .

මෙම මහා පරිමාණ මෝල් හිමියන්ගේ කූඨ උපක්‍රමයන්ට පසුගිය සෑම රජයක්ම හසු වූ ආකාරයටම නව රජය ද හසු වී සිටින බව ඒ මහතා පෙන්වා දුන්නේය.

පසුගිය වසරේ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් සහල් බවට පත් නොකර මහා පරිමාණ වී මෝල් හිමියන් සඟවා ගෙන සිටින බව පෙන්වා දුන් සභාපතිවරයා නව රජයේ කාර්යභාරය විය යුත්තේ තවදුරටත් මෝල් හිමියන් වෙනුවෙන් පෙනී සිටීම නොව එම සහල් වෙළඳපොළට ගෙන ඒමට කටයුතු කිරීම බව අවධාරණය කළේය.

” පසුගිය වසරේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 46 ක් නිෂ්පාදනය කළා එම නිෂ්පාදනයෙන් සියයට හැත්තෑ පහක්ම (75%) නාඩු වී බව කිව යුතුයි. මේ රටේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික්ටොන් විසි හයයි එහෙමනම් ඉතිරි වී වලට සිදුවූයේ කුමක්ද කියා බැලිය යුතුයි

එක්තරා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෙක් තවමත් නාඩු වී කිලෝ ලක්ෂ දහඅටක් සඟවා ගෙන සිටිනවා නව රජයටත් පාරිභෝගික අධිකාරියට මම අභියෝග කර සිටිනවා ඒ සඟවාගෙන සිටින වී තොග පෙන්වීමට මම සූදානම්”

මේ සම්බන්ධයෙන් රජය සහ පාරිභෝගික අධිකාරීය වහා මැදිහත්ව කටයුතු නොකළොත් ගොවි ජනතාවට මෙන්ම පාරිභෝගික ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය

Previous articleඉන්දීය ප්‍රකෝටිපති ගෞතම් අදානිට වංචා චෝදනා
Next articleජනපති IMF රහසක් හෙළිකරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here