සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකත්වය දරන අතර විපක්ෂ නායක ධුරය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ලබා දිය යුතු බව එම පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවට ලක්ව ඇතැයි වාර්තා වෙයි.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අඛණ්ඩව ජනාධිපතිවරණ දෙකක් සහ මහා මැතිවරණ දෙකක් පරාජයට පත්වීම මෙහි දී විශේෂ අවධානයට ලක්ව තිබේ. විශේෂයෙන් සජිත් ප්‍රේමදාස එම අවස්ථා දෙකේම බලයට පත් පක්ෂය 2/3ක බලයක් ලබා ගැනීම වැළැක්වීමට නොහැකි වීමත් ඔහු විපක්ෂ නායක බලතල යටතේ බොහෝ ප්‍රශ්න සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ මැදිහත් වුවද එය ජනතාවට ආකර්ෂනීය නොවීමත් බෙහෝ දෙනාගේ අසතුටට හේතුවී ඇතැයි වාර්තා වේ.
අද වන විට සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ජනතාව දැඩිව ප්‍රතික්ෂේප කොට ඇති අවස්ථාවක එම සමාජයට ආමන්ත්‍රණය කිරීම සඳහා සිය පක්ෂයේ ද සැලකිය යුතු වෙනසක් සිදුකළ යුතු බව මෙහිදී සාකාච්ඡා වී ඇති අතර ජනප්‍රිය උගත් බුද්ධිමත් මන්ත්‍රීවරයෙකු වන හර්ෂ ද සිල්වා විපක්ෂ නායක ධුරයට පත්කිරීම ආණ්ඩුවට සාර්ථක ලෙස මුහුණ දීමට හැකි බවට සාකච්ඡා වී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.