Home අද පාට කරන ඇඟිල්ල මාරු කරලා වවුනියාව නොසන්සුන් වෙයි

පාට කරන ඇඟිල්ල මාරු කරලා වවුනියාව නොසන්සුන් වෙයි

39
0

මහා මැතිවරණයේ ඡන්ද විමසුම අද ආරම්භ වී පැය දෙකක් ගතවන තෙක් ඡන්දය භාවිත කළ බව සනාථ කිරීම සඳහා වැරදි ඇඟිල්ලක් පාට කිරීම සම්බන්ධව එහි ඡන්ද දායකයින් දැඩි නොසන්සුන්තාවයකට පත්වීමේ සිද්ධියක් වවුනියාව ප්‍රදේශයෙන් වාර්තාවේ.

වවුනියාවේ වෙලිකුලම විද්‍යාලයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය විමසන ලද පළමු පැය දෙක තුළ ඡන්දය ප්‍රකාශ කළ බව සනාථ කිරීමට සුළඟිල්ල පාට කර තිබේ.

ජනාධිපතිවරණයේදී ද සුළඟිල්ල පාට කළ තීන්ත තවමත් මැකී ගොස් නොමැති අවස්ථාවක මෙවරද එම ඇඟිල්ල පාට කිරීම නිසා ඡන්ද දායකයින් දැඩි කෝපයට පත්ව සිය විරෝධය පාන්නට පටන්ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඡන්ද දායකයින් එහි ස්ථානාධිපතිවරයාට මෙන්ම පැෆරල් සංවිධානයටත්. කැෆේ සංවිධානයටත් පැමිණිලි කොට තිබේ

මැතිවරණ කොමිෂන් සභාව නම්කර එවන ලද ඇඟිල්ල වෙනුවට වෙනත් ඇඟිල්ලක් පාට කිරීම සම්බන්ධයෙන් එම ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් ඡන්ද දායකයින්ගෙන් සමාව ගැනීමත් සමග නොසන්සුන්තාවය
සමනය වී සුපුරුදු පරිදි ඡන්ද සලකුණු කිරීමේ කටයුතු පවත්වාගෙන යෑමට ඉඩ සැලසී ඇත.

Previous articleපාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණයට නිරීක්ෂකයින් 10,000 අධික පිරිසක්
Next articleදිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතය සහ ඡන්දය භාවිතා කිරීමෙන් අනතුරුව නොකළ යුතු දෑ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here