Home අද ඉන්ධන වලින් ගන්න රුපියල් 50 ක බද්ද ඉදිරියට ගෙනයනවාද නැද්දැයි කල්පනා...

ඉන්ධන වලින් ගන්න රුපියල් 50 ක බද්ද ඉදිරියට ගෙනයනවාද නැද්දැයි කල්පනා කරනවා – ජනපති

213
0

ඛනිජ තෙල් සංස්ථාවේ ණය පියවීම සඳහා ඉන්ධන මත පනවා ඇති රුපියල් 50 ක බදු මුදල ඉවත් කිරීම සඳහා මේ වන විට එම ණය පියවා ඇති ප්‍රමාණය ගණනය කරමින් සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

දෙරණ නාලිකාවේ පැවති 360 වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් දක්වා සිටියා.

එම ගණනය කිරීම අවසන් වූ පසු ණය අවසන් වන කාලයත් අනුව සලකමින් එම සහනය ලබාදීමට හැකියාවක් ඇති බවත් නැතහොත් එම බද්ධ අඩු කළ හැකි බවත් ජනාධිපතිවරයා පවසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසාන වශයෙන් ගණනය කිරීමක් මෙතෙක් සිදුකළ නැති බවත්‍, එය ගණනය කළ යුතුව ඇත්තේ ඉදිරියේදී නව වාහන මෙරටට ගෙන ඒමත් සමග ඉන්ධන මත ඇතිවන ඉල්ලුම ඉහළ යාමේ ප්‍රවණතාවයන්ද සලකා බලමින් බවත් පැවසූ ජනාධිපතිවරයා‍, එහිදී මෙම බද්ධ තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුද නැද්ද යන්න කල්පනා කරන බවත් සඳහන් කර සිටියේය.

Previous articleබදියුදීන්ගේ හා මස්තාන්ගේ ආධාරකරුවෝ ගැටෙති – දෙදෙනෙකුට බරපතලයි. බදියුදීන්ගේ රථයටත් බරපතල හානි.
Next articleදැනෙන්න අඩුකරන විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබන සතියේ උපයෝගිතා කොමිසමට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here