ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු එම ප්‍රදේශයේ ප්‍රධාන හෝටලේක සංවිධානය කර තිබූ සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථාන නිලධාරීන් හදිසියේම ඊයේ (7) වැනිදා රාත්‍රියේ තහනම් කර තිබේ
ආහාර පාන සහ මත්පැන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් සූදානම් කර සාදය ආරම්භ කිරීමට සුළු වෙලාවකට පෙර එම උත්සව ශාලාවට හදිසියේම ඇතුළු වූ එම නිලධාරීන් මැතිවරණ නීති රීති වලට අනුව කිසිසේත් සාදය පැවැත්වීමට ඉඩ
දිය නොහැකි බව පවසමින් ඒ සඳහා සූදානම් කර තිබූ ආහාර පාන සියල්ල සියතට ගෙන තිබේ.
සාදය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ ඈත ප්‍රදේශවල සිට බස් රථ යොදවා පාක්ෂිකයන් ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබූ අතර
ඒ වන විටත් පාක්ෂිකයින් 500 ක් පමණ උත්සව ශාලාවට පැමිණ සිටියහ.
සාදය නැවැත්වීම සඳහා පැමිණි නිලධාරීන් අවනත කර ගනිමින් කෙසේ හෝ එය පැවැත්වීමට හිටපු අමාත්‍යවරයා උත්සාහ කර ඇතත් ඊට ඉඩ ලබා නොදුන් නිලධාරීන් හබරාදූව පොලිසියේ ස්ථානාධිපතිවරයා සාදය සූදානම් කර තිබූ ස්ථානයට කැඳවා ආහාර පාන සියල්ල ඔහු වෙත බාර දී පිටව ගොස් තිබේ