Home අද අවුරුදු පහකට සැලසුම් කරපු වැඩ සති පහකින් ඉවර කරන්න බෑ – විජිත...

අවුරුදු පහකට සැලසුම් කරපු වැඩ සති පහකින් ඉවර කරන්න බෑ – විජිත හේරත්

65
0

රජය ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට අපොහොසත් වී ඇති බවට විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් චෝදනා කලත් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ වසර පහක් ඇතුළත අවසන් කිරීමට මිස සති පහක් තුල ඉටු කිරීමට නොවන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ආණ්ඩුව මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ වසර පහකින් නිම කිරීමට බවත් සජිත් ප්‍රේමදාස වැනි විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් කියන පරිදි සති පහක් ඇතුළත එය ඉටු කළ නොහැකි බවත් ඔහු කියා සිටී.

අමාත්‍යවරුන් සියගණනක් සිටියත් ප්‍රශ්න විසඳා ගැනීමට අපොහොසත් වූ බවත් අවසානයේ රට බංකොලොත් භාවයට ඇද දැමූ බවත් දැන් රට පාලනය කරන්නේ ඇමැතිවරුන් තිදෙනකු පමණක් බවත් ඇමැතිවරයා පැවසුනේ මහ මැතිවරණ ජන හමුවක් අමතමිනි.

‘අවුරුදු පහකට සැලසුම් කරපු වැඩ සති පහකින් ඉවර කරන්න බෑ. අවුරුදු පහකින් ඉෂ්ට කරන්නයි ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ.

අපි තවම ආණ්ඩුවක් හදලාවත් නැහැ. අපිග පසුගිය සති පහ තුළ දේශපාලනයේ සහ ආර්ථිකයේ වැදගත් තීරණ ගත්තා.

ආණ්ඩුව බිඳවැටේ යයි විපක්ෂය දවල් සිහින දකිමින් සිටිනවා. අපි දැන් නව මාවතක ගමන් කරන බව පෙන්වා දී තිබෙනවා.

ආර්ථිකය බංකොලොත් වීමට ප්‍රධාන හේතුව දූෂිත දේශපාලන සංස්කෘතිය, වංචා, දූෂණය සහ නාස්තියයි.’

Previous articleCID පරීක්ෂණයට බයේ වේලාසනින් විශ්‍රාම ගිය නිලධාරියා අධ්‍යක්ෂ මණ්ඩලයට අරගෙන – කංචන සියල්ල හෙළිකරයි
Next article‘ලෝකයේ වඩාත් කැමති ම දිවයින’ ලෙස ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here