Home අද රටපුරා ඇති ජනාධිපති මන්දිර මහජන සේවයට

රටපුරා ඇති ජනාධිපති මන්දිර මහජන සේවයට

272
0

රටේ විවිධ ප්‍රදේශවල ඉදිකර තිබෙන ජනාධිපති මන්දිර සියල්ල මහජන සේවාව වෙනුවෙන් යොදාගැනීමට රජයේ සැලසුම් කර තිබේ.

ජනාධිපතිවරණයට පෙර වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතාවට ලබාදුන් පොරොන්දුවකට අනුව
මෙම පියවර ගෙන තිබේ.

නුවරඑළිය, කතරගම, මහනුවර, අනුරාධපුරය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ජනාධිපති මන්දිර ඉදිකර තිබෙන අතර ඒවා නඩත්තු කිරීම සඳහා අධික පිරිවැයක් රජයට දැරීමට සිදුව ඇති නිසා මෙම තීරණය ගෙන ඇත.

ජනාධිපතිවරයාට යම් රාජකාරි කටයුත්තකට කොළඹින් බැහැරව සිටීමට සිදුවුවහොත් ඒ සඳහා ස්ථානයක් වෙන් කර ගත හැකි බව මේ සම්බන්ධව අදහස් දක්වමින් කරුණු පැහැදිලි කරුණු පැහැදිලි කරන අමාත්‍ය විජිත හේරත් මහතා කෝටි ගණන් වැය කරමින් මෙවැනි මන්දිර නඩත්තු කිරීම රටකට කරන අපරාධයක් යැයි ද පෙන්වා දුන්නේය.

Previous articleතථාගතයන් කිව්ව විදියට දිව්‍යලෝකේ යන්න වෙන මොකුත් කරන්න ඕනේ නෑ. මාලිමවට කතිරේ ගහන්න – වටගල
Next articleගල්තැන්නේ කපුවාට අයත් වාහන අංගනයක සුපිරි වාහන 12ක් – නීත්‍යානුකූල තොරතුරු සොයා පොලිසියෙන් වැඩිදුර විමර්ශන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here