Home අද අගමැතිට ධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලා ජනතා විරෝධතා

අගමැතිට ධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලා ජනතා විරෝධතා

34
0

ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන් ධුරයෙන් නෙරපීමත් සමඟ ඊට ජනතා විරෝධතා මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අග්‍රාමාත්‍යවරයා හා ආරක්ෂක අමාත්‍යවරයා අතර විශ්වාසය පළුදුවීම මත අග්‍රාමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ. පසුගිය කාලය පුරාවට දෙදෙනා දරන අදහස් සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබුණු බවට ද එරට සාධ්‍ය අවස්ථා ගණනාවකදී වාර්තා කර තිබුණි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන් පවසා ඇත්තේ‍, ප්‍රාණ ඇපකරුවන් නැවත ගෙන්වාගැනීම ඇතුළු කරුණු තුනක් සම්බන්ධයෙන් එකඟ නොවීම මත තමන්ව ධුරයෙන් ඉවත් කිරීමට අගමැතිවරයා කටයුතු කළ බවයි.

කෙසේ වෙතත් මේ තත්ත්වයත් සමඟ අගමැතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලමින් එරට වැසියන් විරෝධතා ආරම්බ කර ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

Previous articleඅපි දේශපාලන චන්ඩිකම් කලේ ලයිසන් නැතුව – දැන් අපිට ලයිසන් එකකුත් තියෙනවා – ලාල් කාන්ත
Next articleරැඳවියන්ට දුරකතන විකුණා මාට්ටු වූ මැගසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්ගේ සහ ගබඩා භාරකරුගේ වැඩ තහනම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here