Home අද කමලාද? ට්‍රම්ප් ද? මිලියන 186.5 කගේ තීරණය දෙස ලොවම විමසිල්ලෙන්

කමලාද? ට්‍රම්ප් ද? මිලියන 186.5 කගේ තීරණය දෙස ලොවම විමසිල්ලෙන්

174
0

ඇමෙරිකානු ජනාධිපතිවරණය ශ්‍රී ලංකා වේලාවෙන් අද(05) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඉදිරි වසර හතරක කාලය සඳහා ධවල මන්දිරයේ බලය හොබවන්නේ කවුරුන්ද යන්නත් මීළඟ ලෝක බලවතා කවුරුන්ද යන්නත් මේ සමඟ තීරණය කෙරෙනු ඇත.

මිලියන 78 ක පුරවැසියන් පිරිසක් මේවන විටත් ජනාධිපතිවරණයේ පූර්ව ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාවල සඳහන් වන්නේ ජනාධිපතිවරණයට පැය කිහිපයක් තිබියදී වුවද ප්‍රධාන අපේක්ෂකයින් දෙපල වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති කමලා හැරිස් අතර තවදුරටත් දැඩි උණුසුම්කාරී ඡන්ද සටනක් පවතින බවයි.

ලොව පුරා ප්‍රසිද්ධ ඇමෙරිකානු තරු වන‍, බියොන්සේ‍, ටේලර් ස්ව්ෆ්ට්‍, ජෙනිෆර් ලෝපේස් වැනි පිරිස් කමලා හැරිස්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැලි සඳහා එක්ව සිටින අතර ට්‍රම්ප්ගේ සහයට ටෙස්ලා සමාගමේ සහ සමාජ මාධ්‍ය ජාල හිමිකරුවෙකුවන බිලියනපති ඉලෝන් මස්ක් පෙනී සිටියි. ඉලෝන් මස්ක් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 75 ක මුදලක් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩසටහන් සඳහා ප්‍රදානයකර තිබේ.

මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කිරීමට මිලියන 186.5 ක පිරිසක් සුදුසුකම් සපුරා තිබේ. ඉදිරි වසර 4 ක කාලය ඇමෙරිකාව පාලනය කරන්නේ එරට ඉතිහාසයේ පළමු ජනාධිපතිවරියද‍, එසේත් නොමැතිනම් දෙවැනි ධුර කාලය ආරම්බ කිරීමට බලාපොරොත්තු වන ඩොනල්ඩ් ට්‍රම්ප් ද යන්න මෙම මිලියන 186.5 ක ඇමෙරිකානු ජනතාවගේ තීරණය දෙස ලොවම විමසිල්ලෙන් බලා සිටී.

Previous articleගෙඩි වෙනුවට පිටි කළ පොල් කිරිවලට යොමුවන්න – පොල් සංවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක්
Next articleහිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධව ඇගයීම් වාර්තාවක් කැබිනෙට්ටුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here