Home අද වසර 46 කට පසු හිටපු කැබිනට් ඇමතිවරයෙකු සිය නිල නිවස භාර...

වසර 46 කට පසු හිටපු කැබිනට් ඇමතිවරයෙකු සිය නිල නිවස භාර දෙයි

115
0

1977 වසරේ එක්සත් ජාතික පක්ෂයෙන් අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වූ පී දයාරත්න මහතා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් නිවස මෙලෙස එම කාර්යාලය වෙත භාරදී තිබේ.

අම්පාර දීඝගාමිණි මාවතේ පිහිටි රජයේ නිවස වසර 46ක් පුරා තම සන්තකයේ තබා ගනිමින් භාවිතයට ගෙන ඇත.

පී දයාරත්න මහතා කැබිනෙත් අමාත්‍ය ධුර කිහිපයක් හොබවා තිබෙන අතර ඔහු සිය දේශපාලන කටයුතු වෙනුවෙන් මෙම නිවස භාවිත කර ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

පී දයාරත්න මහතාට කොළඹ, අම්පාර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉඩම් සහ නිවාස ඇති බව ඔවුහු පෙන්වා දෙති.
2015වසරේ පැවති මැතිවරණයෙන් දයාරත්න මහතා පරාජයට පත්වුවත් එවකට පැවති රජයේ අවසරය මත නිල නිවස පරිහරණය කර ඇත. හිටපු අමාත්‍යවරු පරිහරණය කරන ලද සියලු නිල නිවාසවහාම භාර දෙන ලෙස නව රජය දැනුම් දීමත් සමඟ මෙම නිවස භාර දීමට කටයුතු කර තිබේ.

අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් වන විමල වීර දිසානායක සහ තිලක් රාජපක්ෂ යන මහත්වරුන්ද ඔවුන් පරිහරණය කළ රජයේ නිල නිවාස මීට දින කිහිපයකට පෙර අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත භාර දී ඇත

Previous article‘අපිට එපා’ – ජනපති ලේකම්ගේ ඉල්ලීම මත්පැන් සමාගම් ප්‍රතික්ෂේප කරයි
Next articleවිදුලිබල ක්ෂේත්‍රය දියුණු කරන්න ජනපති අනුර ඉන්දියාවේ සහය ඉල්ලයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here