Home අද ‘අපිට එපා’ – ජනපති ලේකම්ගේ ඉල්ලීම මත්පැන් සමාගම් ප්‍රතික්ෂේප කරයි

‘අපිට එපා’ – ජනපති ලේකම්ගේ ඉල්ලීම මත්පැන් සමාගම් ප්‍රතික්ෂේප කරයි

3294
0

සෙවණගල හා පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවල එතනෝල් ලීටර් මිලියන තුනකට අධික ප්‍රමාණයක් එකතු වී ඇති බැවින් එය මිලදී ගන්නා ලෙස ජනාධිපති කාර්යාලය කළ ඉල්ලීමක් මත්පැන් සමාගම් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.

මත්පැන් නිෂ්පාදන සමාගම් සමග ජනාධිපති කාර්යාලයේදී පැවැත් වූ විශේෂ සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා පවසා ඇත්තේ, සෙවණගල හා පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවල එකතු වී ඇති එතනෝල් මිලදී නොගැනීම නිසා උක් ගොවීන්ට ලබාදෙන දීමනා ගෙවීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බැවින් එම එතනෝල් මිලදී ගැනීමට කටයුතු කරන ලෙසයි.

ඒ, රුපියල් 5,000ක්ව පැවති අදාළ දීමනාව පසුගිය රජය විසින් රුපියල් 10,000 දක්වා වැඩි කර ඇති පසුබිමක් තුළ ය.

එහිදී මත්පැන් නිෂ්පාදකයන් පෙන්වාදී ඇත්තේ මත්පැන් සඳහා පැවති ඉල්ලුම අඩුවී ඇති බැවින් තමන් මත්පැන් නිෂ්පාදනය අවම කර ඇති බවය. එම නිසා සුරාබදු ආදායමද පහත වැටී ඇති බවත් පෙන්වා දී ඇති මත්පැන් නිෂ්පාදකයින් ඉල්ලා ඇත්තේ මත්පැන් සඳහා පනවා ඇති බදු අඩු කරන ලෙසයි.

Previous articleශීත සෘතුව එළඹීමත් සමඟ ස්විස් වැසියන් මෙරටට
Next articleවසර 46 කට පසු හිටපු කැබිනට් ඇමතිවරයෙකු සිය නිල නිවස භාර දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here