Home අද මව්බිම ජනතා පක්ෂයෙන් දිලිත්ද? අනුරාධාද?

මව්බිම ජනතා පක්ෂයෙන් දිලිත්ද? අනුරාධාද?

946
0

මව්බිම ජනතා පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අගෝස්තු 04 වැනිදා ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂය පුවත්පතට සඳහන් කරනවා.

ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සහ ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නම් යෝජනා වී ඇති අතර, දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කිරීමේ වැඩි ඉඩක් ඇති බව සඳහන් වේ.

ඒ අනුව අනිද්දා දිනයේදී මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 08 දෙනෙකු ඇතුළුව පක්ෂ සාමාජිකයන් එක් වීමට නියමිතව ඇත.

ඒ අනුව ජාතික ජන බලවේගයේ නායක විමල් වීරවංශ, ජයන්ත සමරවීර, ගාමිණි වලේබොඩ යන මන්ත්‍රීවරුන්ද පිවිතුරු හෙළඋරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, නව වාමාංශික පෙරමුණේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, යුතුකම සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, කොමියුනිස්ට් පක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.

Previous articleරාජයෝග තිබ්බට වැඩක් නෑ තිස්ස අත්තනායක ඉන්නවනේ – පී හැරිසන්
Next articleඔලිම්පික් මලල ක්‍රීඩා වසන්තයේ ශ්‍රී ලංකා තාරුකාව තරුෂි අද තරග බිමට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here