Home අද සුව සැරි­යට අලු­තෙන් ගිලන් රථ 95ක්

සුව සැරි­යට අලු­තෙන් ගිලන් රථ 95ක්

1251
0

‘1990 සුව සැරිය’ පද­න­මට නව ගිලන් රථ 95ක් ප්‍රදා­න­යක් ලෙස හිමිව තිබෙනවා.

ඒ අනුව ඉන්දි­යාවේ TATA Sons (Pvt) Ltd ආය­ත­නය මඟින් ගිලන් රථ 50ක් හා ආසි­යානු සංව­ර්ධන බැංකුව මඟින් ගිලන් රථ 45ක් ප්‍රදා­න­යක් වශ­යෙන් ලබා දීම­ටත් එක­ඟ­තාව පළ කර තිබේ.

2016 වස­රේදී යහපාලන රජය සමයේ ඉන්දීය රජයේ ප්‍රදා­න­යක් යටතේ ඉන්දි­යාවේ පිහිටි TATA Sons (Pvt) Ltd ආය­ත­න­යෙන් ලබා­ගත් ගිලන් රථ 297ක් යොදා­ගෙන ‘1990 සුව සැරිය පද­නම’ ආරම්භ කරනු ලැබුවා.

ශ්‍රී ලංකා රජ­යෙන් ලබා දුන් ගිලන් රථ 25ක් ද ඇතු­ළුව මේ වන විට ගිලන් රථ 322ක් මේ සඳහා යොදවා තිබේ. සුව සැරිය පද­නමේ ඉල­ක්කය අනුව, කඩි­න­මින් සේවය ලබා දීම සඳහා ගිලන් රථ 450ක් සහ උපස්ථ ගිලන් රථ 25ක් අවශ්‍ය බවත් දැනට ගිලන් රථ 150ක හිඟ­යක් ඇති බවත් හඳු­නා­ගෙන ඇත. ඒ අනුව, එකී ගිලන් රථ ‘1990 සුව සැරිය පද­නම’ වෙත ලබා ගැනී­මට අවශ්‍ය පිය­වර ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණ මහතා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

Previous articleජපානයෙන් රු.බිලියන 170ක සහන ණයක් – කටුනායක දෙවැනි පර්යන්තය ඉදිකරන්න පියවර
Next articleඅපේ සහාය සජිත් ප්‍රේමදාසට – තිලංග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here