සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට සමගාමීව පැවැත්වෙන හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මෙවර මහනුවර ශ්‍රී දළදා මාළිගාව පරිශ්‍රයේදී පැවැත්වේ.
ඒ අනුව ලබන 16 වැනිදා පූර්වභාග 9.04 ට යෙදෙන සුභ මොහොතින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී හිස තෙල් ගෑමේ මහෝත්සවය පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.
මහා විහාර වංශික ශාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි මෙවර හිස තෙල් ගෑමේ මහෝත්සවය පැවැත්වේ