Home අද මාලිමාව පරදින පළාත් පාලන ආයතන වලට සල්ලි දෙන්නේ නෑ : අනුර ප්‍රසිද්ධියේ...

මාලිමාව පරදින පළාත් පාලන ආයතන වලට සල්ලි දෙන්නේ නෑ : අනුර ප්‍රසිද්ධියේ කියයි !

2036
0

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට බලය ලැබෙන ආයතන සඳහා පමණක් ඇස් පියාගෙන මුදල් අනුමත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

වෙනත් පාර්ශ්වයක් බලය ලද පළාත් පාලන ආයතනයක් නම් මුදල් දීමට පෙර දස වතාවක් බැලීමට සිදුවෙන අතර මුදල් නොදෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානයක මේ බව සඳහන් කර සිටියේ ඊයේ (12) කන්තලේ නගරයේ පැවති ජන රැලියක් අමතමිනි.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය .

“අපි නොවැම්බර් මාසෙදී යළි අයවැයක් ගේනවා. ජුනි මාසය වෙද්දී ඒකට යෝජනා ගන්නවා. එතකොට ප්‍රාදේශීය සභාව මොකද කරන්න ඕනා ? මෙන්න කන්තලේ ප්‍රාදේශීය සභාවේ ආදායම – මෙන්න තියෙන වැඩ. බලපුවාම මොකද වෙන්නෙ ? ආදායම මදි, කරන්න තියෙන වැඩ ගොඩක් තියෙනවා. එහෙනම් මොකද කරන්න ඕනෙ, මහ ආණ්ඩුවෙ ඉල්ලනවා මේ වැඩ ටික කරන්න. අපි ඒක මහ ආණ්ඩුවෙන් දෙන්නම්.

අපි යෝජනාව අතට ගන්නවා. මුදල් අමාත්‍යාංශයනෙ. යෝජනාව අතට අරන් බලනවා, යෝජනාව ඇවිල්ලා තියෙන්නෙ කන්තලේ ප්‍රාදේශීය සභාවෙන්. ඊළඟට බලනවා එවලා තියෙන්නෙ කවුද ? ආ … කන්තලේ ප්‍රාදේශීය සභාව තියෙන්නෙ ජාතික ජන බලවේගය අතේ, එහෙනම් ඇස් පියාගෙන යෝජනාව අනුමත කරලා සල්ලි ලබාදෙනවා. ඊළඟ අපි බලනවා, නෑ ප්‍රාදේශීය සභාව වෙන කාටදෝ ගිහිල්ලා. ඒගොල්ලො තමයි එවලා තියෙන්නෙ. මොකද කරන්නෙ ? දහ සැරයක් බලනවා. ඇයි ? දන්නවානෙ හිටපු කට්ටිය කොහොමද හැදුවෙ ? පාරට කොන්ක්‍රීට් ටිකයි, වැඩිපුර සාක්කුවට. ගියෙ නැද්ද?

එහෙම නම් සල්ලි දෙන්නෙ නෑ. හොරකම් කරන්න සල්ලි දෙන්න ඕනෙද ? එහෙම නම් නෑ, මතක තියාගන්න. එහෙම නම් එවන්න ඕනෙ කවුද? ජාතික ජන බලවේගයට තමයි මේ ප්‍රාදේශීය සභා සියල්ලේම බලය ලබාදෙන්න ඕනෙකම තියෙන්නෙ මේ සැරේ. නැත්නම් වැඩක් නෑ. එහෙම නැත්නම් මොකක්ද වෙන්නෙ? කොන් වුණු ප්‍රාදේශීය සභා. මහ ආණ්ඩුව කරන වැඩවලට කකුලෙන් අදින ප්‍රාදේශීය සභා. එහෙම හරියන්නෙ නෑ.”

Previous articleලංකාවේ රිලව් ලක්ෂ 80ත් පැනලා – සංගණනයෙන් එළිවෙයි
Next articleඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් 7 පාර්ලිමේන්තුවේ සභාගත කළා : බොරු විදිමින් ටිල්වින් වැඩ අල්ලයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here