දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවැති මීටර 400 ආරාධිත ජාත්‍යන්තර පිරිමි සහය ධාවන ඉසව්වේ ජය ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට හිමිවුණා. ශ්‍රී ලංකා කණ්ඩායම 3:05:58 වේලාවක් වාර්තා කර පැවති ආරාධිත 4×400 සහය දිවීමේ තරගය ජයග්‍රහණය කළේය.
- ශ්‍රී ලංකා B කණ්ඩායම තත්පර 3:06.57 කින්
- ඉන්දියාව 3:08.02 කින් සහ
- ශ්‍රී ලංකා C කණ්ඩායම 3:09.30 කින් පරාජය කළේය.
මැයි මස චීනයේදි පැවැත්වෙන ලෝක සහය දිවිමේ ශූරතාවට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවති තරඟයේදි ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් අරුණ දර්ශන , සදෙව් රාජකරුණා , ආර් මදුෂාන් සහ කාලිංග කුමරගේ යන දක්ෂ ක්‍රීඩකයින් සහභාගි වීම විශේෂත්වයකි.
ලෝක සහය දිවිමේ තරඟාවලිය සඳහා කණ්ඩායම් 32 ක් සුදුසුකම් ලබන අතර ඒ ඔලිම්පික් උළෙලට එක් වු කණ්ඩායම් 16 ක් හා ශ්‍රේණිගත කිරිම් අනුව කණ්ඩායම් 16ක් වේ.