Home අද විජේවීර ඝාතනය : තෝරදෙණිය ගැන කියූ ඉන්ද්‍රානන්දට වාරණයක් !

විජේවීර ඝාතනය : තෝරදෙණිය ගැන කියූ ඉන්ද්‍රානන්දට වාරණයක් !

386
0

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය සම්බන්ධව ජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා සමාජ මාධ්‍යය හරහා පළ කිරීම වළක්වමින් හිටපු පළාත් සභා මන්ත්‍රී හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජික ඉන්ද්‍රානන්ද ද සිල්වාට කොන්දේසි සහිත වාරණ ආඥාවක් නිකුත් කර ඇත.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක විසින් ඊයේ (16) මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තමන් සම්බන්ධ බවට ඉන්ද්‍රනන්ද සිල්වා මහතා සිදු කරන ප‍්‍රකාශයන් සදහා අධිකරණයේ පිහිටු පැතු බව විශ‍්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය පවසයි.

විවිධ මාධ්‍යයන් ඔස්සේ මෙම චෝදනා එල්ල කරන නිසා තමන්ටත් තම දරු පවුලටත් එල්ල වන දැඩි තර්ජන හේතුවෙන් මෙම පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධව අධිකරණය හමුවේ කරුණු දැක්වූ හිටපු නීතිපති ජනාධිපති නිතීඥ සංජේ රාජරත්නම් කියා සිටියේ විත්තිකරු විසින් පැමිණිලිකාර අශෝක තෝරදෙණිය සම්බන්ධයෙන් අසත්‍ය සහ ද්වේශ සහගත කරුණු මාධ්‍යයට ඉදිරිපත් කරමින් සිටින බවයි.

එම අසත්‍යය සහ ද්වේශ සහගත කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ ද උඩුගත කරමින් සිටින බවද එහිදී වැඩිදුරටත් සඳහන් කෙරිණ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තොරදෙනිය සම්බන්ධව කොන්දේසි සහිත වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවේ ඒ අනුව වන අතර එය අප්‍රේල් 30 දක්වා බලපැවැත්වෙන්නේය.

Previous articleDoctor J Premium Dental Care නිර්මාතෘ වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත BWIO සම්මාන දිනයි
Next articleපොරොන්දු වුනාට ආණ්ඩුව තාම පොහොර සහනාධාරය දුන්නේ නෑ – ගොවි සංවිධාන චෝදනා කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here