චීන භාණ්ඩ සඳහා ඇමෙරිකාව විසින් 245% ක් දක්වා තීරු බද්දක් පනවන බව ධවල මන්දිරය විසින් අද (16) නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ ඇමරිකාව පළමුව තීරුබදු ඉහල දැමීම ට ප්‍රතිචාර දක්වමින් චීනයද ඇමරිකාවට පැනවූ තීරුබදු ඉහල දැමීම පදනම් කරගෙනය. නව තීරුබදු ඉහල දැමීම සම්බන්ධව ඇමරිකානු පාර්ශ්වයේ අදහස වී තිබෙන්නේ ඇමෙරිකාව පැනවූ තීරු බද්ද ඉවත්කර ගැනීමට සාකච්ඡා මේසයට නොපැමිණ ඊට පිළිතුරු ලෙස පෙරළා බදු සහ අපනයන සීමා පැනවීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
කෙසේ වෙතත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ වෙළෙඳ යුද්ධයකදී ඇමෙරිකාව සමග සටන් කිරීමට චීනය කිසිසේත් බිය නොවන බවයි.
ඇමෙරිකාවට සංවාදයක් අවශ්‍ය නම් මෙවැනි සාකච්ඡා මේසයට පැමිණිය යුතු බවද ඇමෙරිකාව චීනයට පනවා ඇති තීරු බදු ප්‍රතිශත පැහැදිලිව ඉදිරිපත් කළ යුතු බවද චීන විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කරයි.
ඊට ප‍්‍රතිචාර ලෙස ඇමෙරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ චීනයට එකඟතාවයක් අවශ්‍ය නම් පළමුව සාකච්ඡා මේසයට පැමිණිය යුත්තේ චීනය බවය.
කෙසේවෙතත් දෙරටේ මේ තරගය හමුවේ ලෝක ආර්ථිකය තුළ භාණ්ඩ මිල ඉහල යාමට , අපනයන/ආනයන ක්‍රියාවලිය අඩාල වීමකට සහ ගෝලීය ආර්ථික කඩාවැටීමට අවධානමක් එක්කර ඇති බව විචාරක මතය වී තිබේ.
එසේම කවුරුත් පියවරක් පසුපසට ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් දෙරට අතර වෙළෙඳ යුද්ධයක පැහැදිලි අවදානමක් මතුව ඇති බවද ඔවුන් පෙන්වාදෙයි.