Home අද මෝදි ආව වෙලාවේ ” සාරා ජස්මින්” ගැන ඇහුවේ නැද්ද ? ඒ ඇයි...

මෝදි ආව වෙලාවේ ” සාරා ජස්මින්” ගැන ඇහුවේ නැද්ද ? ඒ ඇයි ? මුජිබර් මුල සිහිකරයි !

460
0

පාස්කු ප්‍රහාරයෙන් පසුව ඉන්දියාවට පැනගිය බව කියන “සාරා ජස්මින්” අල්ලා දෙන ලෙස පසුගියදා මෙරට සංචාරය කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් හෝ ඔහුගේ ආරක්‍ෂක උපදේශක වන අජිත් ඩොවාල්ගෙන් ලංකා රජය ඉල්ලා සිටියේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රශ්න කරයි.

පාස්කු ප්‍රහාරයේ කටුවාපිටිය පල්ලයට එල්ල කළ ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුගේ බිරිඳ වන පුලස්තිනි රාජේන්ද්‍රන්, හෙවත් ‘සාරා ජස්මින්’ සම්බන්ධව අමාත්‍ය නලින්ද ජයතිස්ස විපක්ෂයේ සිටි සමයේ සිදුකළ ප්‍රකාශ සම්බන්ධවද මන්ත‍්‍රීවරයා සිහිපත් කර සිටියේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

සාරා ජස්මින් යනු සහරාන් ඉතා ළඟින් ඇසුරු කළ තැනැත්තියක් බවද හෙළිවී ඇති බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

එසේම පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට විදෙස්ගතව සිට චෝදනා කළ, ඒ පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ විදෙස් රටක රැකවරණය ලබා සිටින පිල්ලෙයාන් ගේ හිටපු ලේකම්වරයා ද මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කළ යුතු බවද මන්ත‍්‍රීවරයා සඳහන් කර සිටියේ ය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස විපක්ෂයේ සිටි සමයේ අවධාරණය කර දැක්වූයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශන සඳහා ඇය අතිශය වැදගත්ම සාක්ෂිකාරිය වන බවයි. ඇය හරහා සත්‍ය අනාවරණය කර ගැනීමෙන් පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුද ? කුමක් සඳහාද යන්න සොයා ගැනීමට ඇති හැකියාව එවකට නලින්ද ජයතිස්ස විසින් පුන පුනා පැවසීය.

එවකට ඉන්දීය විදෙස් ලේකම්වරයා මෙරට සංචාරය කළ අවස්ථාවේදි මෙන්ම මෙරට රාජ්‍ය නායකයන් ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේද ඔහු මේ කරුණ ඉස්මතු කර තිබේ.

වාර්තා වන ආකරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ මෙරට සංචාරය අවස්ථාවේ පරිවාර ඇමති ලෙස වගකීම දරා ඇත්තේද නලින්ද ජයතිස්ස ය.

Previous articleකොළඹ විශ්වවිද්‍යාලයට මහාචාර්ය සේනක රාජපක්ෂ!
Next articleපිල්ලෙයාන් නිසා හෙළිවූ අනුරගේ දේශපාලන විහිලු ගැන රාජිත කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here