ත්‍රස්ත විරෝධි පනත ගෙනෙනවිට, ඊට එරෙහිව පාර්ලිමේන්තුවේදී ජන්දය ප්‍රකාශ කළ අනුර දිසානයක එසේ තමන් විරුද්ධවූ පනත යොදාගෙන පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබෙන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
මෙවැනි හැසිරීම් වලට කියන්නේ දේශපාලන විහිලු බව පැවසූ හිටපු අමාත්‍යවරයා , රටේ ක්‍රම වෙනසක් කියා වත්මන් ආණ්ඩුව බලයට ගෙනා තරුණ පරපුරට ලැබී ඇති වෙනස හොඳද කියාද ප්‍රශ්න කර සිටියේය.
ජන හමුවකින් පසුව මාධ්‍යට අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව සඳහන් කළ අතර ඉතිහාසයේ එජාප ආණ්ඩුවක් හෝ පොහොට්ටු ආණ්ඩුවක් නොවැටුණු නරක තත්ත්වයකට වත්මන් ආණ්ඩුව වැටෙමින් සිටින බවද සඳහන් කළේය.