ලංකා ඉතිහාසය මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදය අවස්ථාවේ එම තත්ත්වය යථාවත් කරනු ලැබුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් එය සිදුකිරීමට වෙනත් අයෙකු මෙරට නොසිටි බවත් අමාත්‍ය ලාල් කාන්ත පිළිගෙන ඇත.
අමාත්‍යවරයා මේ බව පිළිගනිමින් අදහස් දක්වා සිටියේ youtube නාලිකාවක් සමඟ පැවති දේශපාලන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී ලාල් කාන්ත අමාත්‍යවරයා පවසන්නේ
” රනිල් එය මේ සිස්ටම් එක ඇතුලේ කළමණාකරණය කළා. ඒකට ඒ මොහොතේ වෙන මිනිහෙක් ලංකාවේ හිටියේ නෑ. මේ යන ආර්ථික ක්‍රියාවලියේ ඒකට ගැටගැහුනු කෙනෙක් , ඒකටම ඉපදුනා වගේ. ඒකටම සෙට් වුණ කෙනා තමයි රනිල්.
ජේ.ආර්. ජයවර්ධන ට පස්සේ ඒ සිස්ටම් එකේ බිහිවූ අග්‍රගණ්‍ය කෙනා රනිල්. චන්ද්‍රිකාත් නෙවෙයි. මූලික ලයින් එකේ හිටියේ එයා. එයා ඒක කවදාවත් වෙනස් කරලා නෑ. අඛණ්ඩව ඉඳලා තියෙනවා” යනුවෙන් එහිදී ලාල් කාන්ත අමාත්‍යවරයා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව පැමිණි පසු අර්බුදය කළමනාකරණය කිරීමට කටයුතු කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඔහු ආරම්භ කළ වැඩසටහන ජාතික ජනබලවේගය ආණ්ඩුව විසින්ද ඉදිරියට ගෙන යමින් සිටින බවත් එය වෙනස් කර නොමැති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.
මෙහිදී වැඩසටහන මෙහෙයවන්නා හිටපු ජනාධිපති රනිල්ගේ පෙර වැරදි තිබෙන බව ප්‍රකාශ කරමින් ලාල් කාන්ත අමාත්‍යවරයා වෙත ප්‍රශ්නය යොමු කළද , ලාල් කාන්ත අමාත්‍යවරයා සිය ප්‍රතිචාර දැක්වීම ආරම්භ කරනුයේ ” පෙර වැරදි තිබුණත්… “ ලෙසයි.