Home අද ඉන්දියාවත් එක්ක අත්සන් කරපු ගිවිසුම් ඕනේනම් RTI එකෙන් ඉල්ලන්න – ගිවිසුම් කෝ...

ඉන්දියාවත් එක්ක අත්සන් කරපු ගිවිසුම් ඕනේනම් RTI එකෙන් ඉල්ලන්න – ගිවිසුම් කෝ ඇහැව්වම නලින්ද කියයි

165
0

ඉන්දීයා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ලංකා සංචාරකයට සමගාමීව අත්සන් කෙරුණු ගිවිසුම් 7 පාර්ලිමේන්තුවේ සභාගත නොකරන්නේ එහි රටට අහිතකර දේ තිබෙන නිසාදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රශ්න කර සිටියි.

මන්ත‍්‍රීවරයා මෙසේ සෘජුව ප්‍රශ්නය යොමුකර සිටියේ රූපවාහිනී නාලිකාවක පැවති සංවාදශීලී දේශපාලන වැඩසටහනකදී අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙතිනි.

මෙම වැඩසටහන සඳහා අමාත්‍යවරයාට අමතරව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන් මන්ත‍්‍රීවරයා ද සහභාගී ව සිටි අතර විපක්ෂය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ද එක්ව සිටියහ.

මෙහිදී අදාළ ගිවිසුම් පාර්ලිමේන්තුවේ සභාගත කිරීම එළැඹෙන පාර්ලිමේන්තු දිනය වන මැයි මස 8 වනදා හෝ සිදුකරන්නේද යනුවෙන් ආණ්ඩු පාර්ශ්වය වෙතින් ප්‍රශ්න කෙරුණද ඊට නිශ්චිත පිළිතුරක් ලබාදීමට ආණ්ඩු පක්ෂ නියෝජනය කළ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා හෝ මන්ත‍්‍රීවරයා සමත්වූයේ නැත.

එහිදී විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ සංජීව එදිරිමාන්න ගේ ප්‍රශ්න කිරීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස දිගින් දිගටම පවසා සිටියේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඒ සම්බන්ධව විමසන ලෙසයි.

නමුත් විපක්ෂය පොදුවේ පෙන්වාදී සිටියේ විපක්ෂයේ සිටියදී රාජ්‍ය කරණයේ විනිවිද භාවය, විදෙස් රටවල් සමඟ අත්සන් තැබෙන ගිවිසුම් ජනතාවට දැනගන්නට සැළැස්සවීමේ අවශ්‍යතාව ඉස්මතු කරමින්, ඒ සම්බන්ධව පොරොන්දුවූ ජාතික ජනබලවේගය, ආණ්ඩු බලය ලැබූ පසුව එකී පොරොන්දුව කඩකිරීම පිටුපස ගිවිසුම් ජනතාවගෙන් වසං කිරීමට උත්සාහ කරන බවයි.

රටට අහිතකර දෙයක් ගිවිසුම් වල නොමැති නම් එය තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම් කිරීමට දෙයක් නොමැති අතර අදාළ ගිවිසුම් පාර්ලිමේන්තුවේ සභාගත කළේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ට මෙන්ම සමස්ත ජනතාවට ම එම ගිවිසුම් සම්බන්ධව දැනකියා ගන්න හැකිවන බවද විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ තර්කය විය.

එසේම  තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීම් සිදුකෙරෙන විට සම්පූර්ණ තොරතුරු නොදී සිටීම ගැනද එහිදී කරුණු ඉදිරිපත් කෙරිණ.

නමුත් ආණ්ඩුව පාර්ශ්වය නියෝජනය කළ අමාත්‍ය නලින්ද ජයතිස්ස දිගින් දිගටම පවසා සිටියේ අදාළ ගිවිසුම් පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ අවශ්‍ය නම් ඉල්ලා ගන්නා ලෙසයි.

අමාත්‍යවරයා ගේ එකී ප්‍රකාශය, රාජ්‍ය පාලනය, විනිවිද භව සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඔවුන් ලබාදුන් පොරොන්දු උල්ලංඝනය කිරීමක් බවද එහිදී විපක්ෂය චෝදනා කර සිටියේ ය.

එම සංවාදය මෙතැනින්

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් 7 පාර්ලිමේන්තුවේ සභාගත කළා : බොරු විදිමින් ටිල්වින් වැඩ අල්ලයි !

Previous articleහයේෂිකා ප්‍රනාන්දුට ආණ්ඩුවෙන් සුපිරි ආරක්ෂාවක්! – පොලිස් බයිසිකල් 4 පෙරගමන් පොලිස් කාර් රථ 1
Next articleවිදේශගතව සැඟව සිටින අපරාධ කරුවන් 167ක් – 160 ට රතු වරෙන්තු!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here