Home අද අනුර කුමාර කියන්නේ දළඳාව රැක්ක කීරවැල්ල පරම්පරාවේ වත්මන් රාජ කුමාරයා – මාධ්‍යවේදියෙක්ගෙ...

අනුර කුමාර කියන්නේ දළඳාව රැක්ක කීරවැල්ල පරම්පරාවේ වත්මන් රාජ කුමාරයා – මාධ්‍යවේදියෙක්ගෙ සුවිශේෂි හෙළිදරව්වක්

749
0

ජාතික ජනබලවේගය පක්ෂයේ ප්‍රබල ආධාරකරුවකු සහ youtube සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ලාල් පෙරේරා ( පානදුරේ ලාල්) විසින් ජනාධිපති අනුර කුමාර දිසානයක ගේ පවුල් පරම්පරාව පිළිබඳව ඓතිහාසික සොයාගැනීමක් සිදුකර තිබේ.

ඒ බව ඔහු විසින් සමාජ මාධ්‍යට වීඩියෝවක් ඇසුරෙන් ඉදිරිපත් කර ඇති අතර එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජාතික ජනබලවේගය පක්ෂයේ නායක මෙන්ම ලංකාවේ නව වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ පවුල් පරම්පරාව දළදාව ආරක්ෂා කළ කීරවැල්ල පරම්පරාව බව අනාවරණය කර සිටියි.

දිසානයක මුදියන්සේලාගේ පරම්පරාව, කීරවැල්ල පරම්පරාවට අයත් බවත් අනුර කුමාර දිසානයක කීරවැල්ල පරම්පරාවේ උරුමය තිබූ බැවින් වසර ගණනාවකට පසුව දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට සිතදී ඇතුවා වාගේම ඊට මහනායක හිමිවරුන් ගේ අනුමැතිය හිමිවූ බවද ලාල් පෙරේරා පවසයි.

මේ සම්බන්ධව ලාල් පෙරේරා විසින් නිකුත්කළ වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් ඇත.

එහිදී ඇතමුන් සිහිපත් කරනුයේ දිවංගත ජැක්සන් ඇන්තනී විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ගෞතම බුදුන්ගේ ඥාතීත්වයක් ඇතැයි තහවුරු කළ අතර, ලාල් ඊළඟට මෙරට බෞද්ධ ජනතාව මහත්වූ භක්තියකින් යුතු මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩවසන දළදාවේ ආරක්ෂකයන් වූ කීරවැල්ල පරම්පරාවට වත්මන් ජනාධිපතිවරයාගේ ඇති සම්බන්ධය අනාවරණය කර ඇති බවයි.

වඩාත් සුවිශේෂ කරුණ වන්නේ වසර 16 කට පසුව පැවැත්වෙන දළදා ප්‍රදර්ශනයේ ආරම්භක දිනයට හෝරා කිහිපයක් තිබියදී ලාල් පෙරේරා මෙකී සොයාගැනීම අනාවරණය කිරීමත්, මීට වසර 16 කට පෙර දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමේ ඒ ඓතිහාසික අවස්ථාවේදි මෙරට ජනාධිපති වූයේ මහින්ද රාජපක්ෂ වීමත් ය.

ජනාධිපති අනුර කුමාර දිසානයක ගේ පවුල් පරම්පරාව මෙසේ අනාවරණය කිරීමත් සමඟ එවැනි ඓතිහාසික පවුල් උරුමයන් සහිත තවත් ප්‍රබලයන් වත්මන් ආණ්ඩුව තුළ සැඟවගොස් සිටීමට ඉඩ ඇති අතර ඒ පිළිබඳව ගවේෂණය කිරීම වත්මන් ආණ්ඩුවේ සිටින ලාල් පෙරේරා වැන්නවුන්ගේ උරමත පැවරෙන වගකීමක් වෙයි.

ලාල් පෙරේරා ඇතුලු ඒ ඓතිහාසික වගකීම් ධාරීන්ට අප සුබ පතන අතර, ලාල් පෙරේරා ගේ ඒ ඓතිහාසික සොයාගැනීම පහත වීඩියෝවේ දැක්වෙයි.

Previous articleදළඳා ප්‍රදර්ශනය අද සිට පුරා දින දහයක්
Next articleහයේෂිකා ප්‍රනාන්දුට ආණ්ඩුවෙන් සුපිරි ආරක්ෂාවක්! – පොලිස් බයිසිකල් 4 පෙරගමන් පොලිස් කාර් රථ 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here