වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට රට නිල වශයෙන් බංකොලොත්ව තිබූ අතර වසර ගණනකින් ආර්ථික වර්ධනයක් නොමැතිව ණය බරින් මිරිකී තිබූ බවත් අද වන විට ආණ්ඩුව එම බංකොලොත් ලේබලය ඉවත් කිරීමට සමත්ව සිටින බවත් අගමැති හරිනි අමරසූරිය පවසයි.
ඇය මේ බව සඳහන් කර සිටියේ යාපනය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
එහිදී අග්‍රාමාත්‍යවරිය මෙසේද පැවසුවාය.
අපි බලයට පත්වෙනකොට මෙරට ආර්ථිකය කොතරම් දුර්වලද කියා ඔබ හොඳින් දන්නවා. නිල වශයෙන්ල ලෝකය ඉදිරියේ අපව බංකොලොත් ජාතියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණා. වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව ආර්ථික වර්ධනයක් නොතිබූ අතර ණය බරින් මිරිකී තිබුණා. සංචාරක අංශය කඩා වැටී තිබුණා. දේශපාලන අධිකාරියේ දූෂණය හේතුවෙන් ආයෝජකයින් රට ආයෝජනය කිරීමට අකමැති වුනා. අද අපි ඒ සියල්ල වෙනස් කර බංකොලොත්. ලේබලය ඉවත් කිරීමට සමත් වී තිබෙනවා.
උතුරු පළාතේ යටිතල පහසුකම් සංවර්ධනයේ ගැටළු ගණනාවක් තිබෙනවා. මාර්ග, ජලය, කෘෂිකර්මය, විරැකියාව වගේ ම අධ්‍යාපනය, සෙඛ්‍ය ඇතුළු සෑම අංශයකම ගැටළු තිබෙනවා.
මේ අතරින් බොහොමයක් ගැටළු ඔබේ ප්‍රදේශය නියෝජනය කරන ප්‍රාදේශිය සභා, පළාත්සභා විසින් කළ යුුතු සංවර්ධන වැඩ. නමුත් ඒක නිසි ආකාරය සිද්ධ වෙලා නැහැ.
උතුරු නැගෙනහිර ගැටළු ඇති වුණේ යුද්ධය නිසා කියලා කිව්වා. යුද්ධය අවසන් වෙලා මේ වනවිට වසර 16ක් ගත වෙලා ඒත් මොනවද වෙනස් වෙලා තිබෙන්නේ. මේ ප්‍රදේශවල ජන ජීවිතය දියුණු වෙලා ද?
රට වැටී තිබුණ තත්වයෙන් ගොඩගන්න, ආර්ථික අභියෝග ජයගන්න රජය මේ වනවිට ක්‍රියා කරමින් යනවා. අපි දන්නවා සියල්ලම තවම හරියට සිද්ධ වෙනනේ නෑ, බඩු මිළ තාම අඩුවෙලා නෑ ඒ සියල්ල රජය වෙනස් කරමින් යනවා. ජනතාවට ඉදිරියේදී ඒ ප්‍රතිලාභ හිමි වෙයි.
නිදහසින් පසු මේ රටේ මහා ලේ වැගිරීම් සිදු වුණා. ගැටුම් ඇති වුණා. ඒ මගින් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වුණා. යළි මේ රටේ එහෙම නොවන්න රජය වගබලා ගන්නවා. ඒ සඳහා රට තුළ සංහිදියාව ඇති කිරීමට රජය කැපවී සිටිනවා.
කෙසේවෙතත් අගමැති හරිනි අමරසූරිය ගේ අදහස් දැක්වීමට ප්‍රතිචාර දක්වමින් විචාරකයන් පෙන්වා දෙන්නේ , වත්මන් ආණ්ඩුව 2022 දී රට තිබූ තත්ත්වය 2024 ට සමපාත කරමින් අතීතය විකෘති කිරීමේ උත්සාහයක නිරතව සිටින බවයි.
ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැටුණු රට ගොඩනැඟීම සඳහා හඳුන්වාදී ඇති ආර්ථික වැඩපිළිවෙල තමන්ගේ දෙයක් බවට මතයක් නිර්මාණය කිරීමට බවත්, අනෙක් අතට එකී වැඩපිළිවෙල වෙනුවට විකල්පයක් හඳුන්වාදීමට දැක්වූ අසමත් භාවයේ හැඟීමෙන් නිදහස් වීමේ අවශ්‍යතාව ද ඒ පිටුපස ඇති බවත් විචාරක මතය වී තිබේ.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් විචාරකයන් පවසන්නේ ජනාධිපති මෙන්ම ජවිපෙ ප්‍රබලයන් රැසක් මෙකී ව්‍යාපෘතිය පසුගිය කාලයක් තිස්සේ ඉදිරියට ගෙන යමින් සිටි අතර මේ වන විට අග්‍රාමාත්‍යවරියද ඊට එක්ව සිටින බවයි.