Home අද ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට සපයන සේවාවන්ට අයකරන ගාස්තු අහස උසට ඉහළ දමයි

ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට සපයන සේවාවන්ට අයකරන ගාස්තු අහස උසට ඉහළ දමයි

596
0

ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාව වෙත සපයන ලද සේවා සඳහා අය කරනු ලබන ගාස්තු කිහිප ගුණයකින් වැඩි කර ඇත.

වැඩි කරන ලද සේවා ගාස්තු සහ සේවා උපදෙස් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිකුත් කරන ලද චක්‍රලේඛන සියලූම පොලිස් ස්ථාන වෙත යොමු කර ඇත.

නව චක්‍රලේඛනයට අනුව ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා එක් දිනකට මෙතෙක් අය කළාා බලපත්‍ර ගාස්තුව රුපියල් 300 සිට 2000 දක්වා වැඩි කර ඇත.

පොලිස් නිල සුනඛයින් සඳහා පැය එකහමාරක කාලයක් වෙනුවෙන් අය කළ රුපියල් 3000 මුදල නව චක්‍රලේඛනයට අනුව රුපියල් 20,000 දක්වා වැඩි කර තිබේ.

එමෙන්ම මෙතෙක් අශ්වයෙක් සඳහා පැය එකහමාරක් වෙනුවෙන් අයකළ රුපියල් 6000 ක මුදල රුපියල් 30,000 දක්වාත් ආසන්නම පොලිස් ස්ථානය වෙතය වාහනයක් ඇදගෙන යෑමේ ගාස්තුව රුපියල් 600 සිට 5000 දක්වාත් වැඩිකර ඇත.

ඇඟිලි සටහන් ගාස්තු වාර්තාවක් සඳහා අය කරන ලද රුපියල් 150 ගාස්තුව රුපියල් 500 දක්වාත් කිමිදුන් උපකරණ සඳහා 2400 වු ගාස්තුව 4000 දක්වාත් ජීවිත ආරක්ෂක සහ උපකරණ සඳහා රුපියල් 1200 ගාස්තුව රුපියල් 5000 දක්වා ඉහළ දමා තිබේ.

මීට පෙර කිසිදු ගාස්තුවක් අය කිරීමෙන් තොරව දේශීය අවශ්‍යතා සඳහා නිකුත් කළ පොලිස් වාර්තාක් වෙනුවෙන් නව චක්‍රලේඛනයට අනුව රුපියල් 300 ක් අය කරනු ලබයි.

Previous articleසර්වජන බලයේ පුත්තලම මහනගර සභා අපේක්ෂිකාවක් ඡන්ද කාඩ්පත් තොගයක් සමග අත්අඩංගුවට!
Next articleපුංචි ජන්දයේ නව දේශපාලන සංස්කෘතියක් : රාජ්‍ය බලය හා රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීමේ සිද්ධීන් 30ක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here