මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මුද්‍රණය කරන ලද ඡන්ද කාඩ් පත් 85 ක් සමග පුත්තලම මහනගර සභාවට තරග කරන අපේක්ෂිකාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අපේක්ෂිකාව සතුව ඡන්ද කාඩ් තොගයක් තිබෙන බවට ලැබුණ පැමිණිල්ලකට අනුව පුත්තලම සහකාර තේරීම් භාර නිලධාරී සහ පොලිසිය සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අපේක්ෂිකාව සර්වජන බලය පක්ෂයට අයත් සාමාජිකාවක් බව පොලිසිය පවසයි.
අපේක්ෂිකාව ළඟ තිබූ ඡන්ද කාඩ් පත් 85 තැපැල්කරු විසින් ඇයට ලබා දී ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. තැපැල්කරු සොයාගැනීම සඳහා පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබුණද ඔහු මේ වන විට පදිංචි ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය