ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ මෙරට සංචාරයට සමගාමීව අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහි විරෝධතාවක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (05) කොළඹ කොටුවේදී පවත්වනු ලැබිණ.
මෙම ගිවිසුම් හරහා 1987දී මෙන් රට පාවාදීමකට ලක් කර ඇතැයි එහිදී විරෝධතාකරුවෝ චෝදනා කළහ.
අදාළ ගිවිසුම් වල අන්තර්ගතය පිළිබඳව කිසිඳු කරුණක් ජනතාවට අනාවරණය නොකිරීමද බරපතළ චෝදනාවක් ලෙස එහිදී ඉදිරිපත් කෙරිණ.
විරෝධතාව අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව කියා සිටියේ මෙම පාවාදීම් වලට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ මොහොතේ සිට යුද්ධය ප්‍රකාශ කරන බවයි.
මෙම විරෝධතාව පැවති අවස්ථාවේ ප්‍රදේශය පුරා දැඩි පොලිස් ආරක්‍ෂාවක්ද යොදා තිබිණ.