Home අද දේශබන්දුට එරෙහි යෝජනාව ස්ථාවර නියෝග වල හැප්පෙයි !

දේශබන්දුට එරෙහි යෝජනාව ස්ථාවර නියෝග වල හැප්පෙයි !

59
0

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ධූරයෙන් ඉවත් කිරීමට ආණ්ඩු පක්ෂය ගෙන එන යෝජනාව සම්බන්ධව විරුද්ධ පක්ෂ වල විරෝධය එල්ලවී තිබේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙකී විරෝධය එල්ලකර ඇති අතර ඒ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 91 උල්ලංඝනය වන බව දක්වමිනි.

මෙහිදී විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගය , නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂ මෙසේ විරෝධය දක්වා ඇති අතර, එහිදී පෙන්වාදී ඇත්තේ අධිකරණයේ විනිශ්චය සඳහා භාජනයවී ඇති කරුණක් සම්බන්ධව විවාද කළ නොහැකි බවය.

මෙහිදී සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පෙන්වාදී තිබෙන්නේ දේශබන්දු තෙන්නකොන් ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධ නොවන නමුත් එය ස්ථාවර නියෝග උල්ලංඝනය වන අන්දමින් ගෙනෙන ස්වභාවය ට එකඟවිය නොහැකි බවයි.

කෙසේ වුවත් ආණ්ඩුවේ ස්ථාවරය වී තිබෙන්නේ කතානායකවරයාගේ එකඟතාව අනුව එවැන්නක් සිදුකළ හැකි බව ස්ථාවර නියෝග වල සඳහන් බවයි.

Previous articleමෝදි සමඟ අත්සන් කළ ගිවිසුම් වලට එරෙහිව පෙරටුගාමීන් කොටුව හොල්ලයි !
Next articleමෝදිට එරෙහිව අප්පුහාමි පාරට බසී.!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here