Home අද මෝදි රැගත් සුවිශේෂි ගුවන්‍ යානය කටුනායකට පැමිණේ.! වර්ෂාවෙන් දැඩි බාධා

මෝදි රැගත් සුවිශේෂි ගුවන්‍ යානය කටුනායකට පැමිණේ.! වර්ෂාවෙන් දැඩි බාධා

198
0

තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා රැගත් INDIA 01 ගුවන් යානය මේ වනවිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙන බව වාර්තා වනවා. දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් කටුනායක ගුවන් තොටුපොළ පරීශ්‍රයේදී පිළිගනු ලැබීය.

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ ආශ්‍රිත ප්‍රදේශයට අධික වර්ශාපතනයක් ඇදහැලෙමින් පවතින අතර එය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට සූදානම් කර ඇති ගුවන්‍තොටුපළේ කටයුතු සදහා යම් බාධාකාරි විය හැකි බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ උත්සවය එම පරිශයේ ආරම්භ වී තිබේ. කටුනායක – අධිවේගී මාර්ගය සහ කොළඹ නගරය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කර තිබේ.

අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය අප්‍රේල් 5 වන දා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙනු ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළ දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව, සෞඛ්‍ය සහයෝගීතාව, ඩිජිටල්කරණ සහයෝගීතාව ඇතුළු ගිවිසුම් හුවමාරු කර ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.

මෙම යෝජිත ආරක්‍ෂක සහයෝගීතා ගිවිසුම සම්බන්ධව ඉන්දීය මාධ්‍ය ද විශේෂ අවධානයක් යොමුකර තිබේ.

එසේම වඩාත් සුවිශේෂ අවස්ථාවක් වන්නේ සාම්පූර්හි ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරඹීමේ අවස්ථාවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඔන්ලයින් ඔස්සේ එක් වීමය.

මෙම සාම්පූර් බලාගාරය ඉදිකිරීමට පැවති ආණ්ඩු ගණනාවක් උත්සාහ කළද ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම ඒ සඳහා  බරපතළ විරෝධියක් දැක්වීය. මහජන විරෝධතා , උද්ඝෝෂණ පමණක් නොව, මානව හිමිකම් පැමිණිලි සහ අධිකරණය හමුවට යාම පවා එහිදී සිදුකෙරිණ.

 

කෙසේ වුවත් ඒ විරෝධය රටේ සංවර්ධනය අඩපණ කිරීමේ අපේක්ෂාව ඇතුව සංවිධානය කළා විය යුතුය. නැත්නම් ඉන්දීය අගමැති හමුවේ ජවිපෙ ප්‍රමුඛ ආණ්ඩුව දමනය වූවා කිය යුතු බව විචාරක මතයවී තිබේ.

එසේම  ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී ඔහු අනුරාධපුරයට ගොස් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට ද නියමිතයි.

Previous articleමෝදිට පාර්ට් දාන්න යන්න එපා : රාජතාන්ත්‍රිකව හැසිරෙන්න – කච්චතිව් සිහිකර දුමින්ද අනුරට කියයි !
Next articleඇමති සුනිල් පැය 24 න් 180° ක් හැරෙයි : ඊයේ ශෝක් කියූ දේට අද ශොක් වෙලා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here