නීති විරෝධී ඝාතනය කිරීම්, වධ හිංසා සහ ලිංගික හිංසන සිදු කිරීම් ඇතුළු මෙරට සිවිල් යුද්ධය පැවැති කාලයේදී සිදුකළ දැඩි මානව හිමිකම් කඩ කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදාපතිවරුන් තිදෙනකුට සහ හිටපු එල්.ටී.ටී.ඊ සන්නද්ධ අංශයේ ප්‍රධානී කරුණා අම්මන් (විනයාගමූර්ති මුරලිදරන්) බ්‍රිතාන්‍ය රජය විසින් සම්බාධක පනවා තිබේ.
මේ සමඟ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරාල් ජගත් ජයසූරිය, හිටපු නාවික හමුදාපතිවරයකු වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයේ හිටපු ප්‍රධානියකු වන විනයාගමූර්ති මුරලිදරන් යන අයගේ කිසියම් දෙපළක් බ්‍රිතාන්‍ය තිබේ නම් එම දේපළ තහනමට ලක්වනු ඇති අතර ඔවුන්ට බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීමද තහනම් වනු ඇත.
විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය ඩේවිඩ් ලැමී සම්බාධක පනවමින් ප්‍රකාශ කර සිටියේ මෙරට සිවිල් යුද්ධය පැවැති සමයේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ අපයෝජනයන්වලට වගවීම සෙවීමටත්, මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරීමටත් බ්‍රිතාන්‍ය කැපවී සිටින බවයි.