Home අද කොළඹ විශ්වවිද්‍යාලයට මහාචාර්ය සේනක රාජපක්ෂ!

කොළඹ විශ්වවිද්‍යාලයට මහාචාර්ය සේනක රාජපක්ෂ!

134
0

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්ෂ මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත්කර ඇත. පසුගිය 12 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදුකර තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය එච්. ඩ්. කරුණාරත්න මහතාගේ ධූර කාලය අවසන් වීමෙන් පසු යළි තමන් එම ධූරයට පත් කරන ලෙස ඔහු කර තිබූ ඉල්ලීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නොසලකා හැර තිබිණි.

ඒ අනුව උප කොළපති ධූරයේ වැඩ ආවරණය කිරීම සඳහා සේනක රාජපක්ෂ මහතා පත් කරනු ලැබ ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට විශ්වවිද්‍යාල පනතේ 34 (9 බි) වගන්තිය යටතේ පැවරී ඇති බලතල  ප්‍රකාරවය.

Previous articleආර්ථික අර්බුදය අලුත් වෙලා : හදිසි තත්ත්වයක් ලෙස සලකා වහා සූදානම් වෙන්න – රනිල් රටටම දන්වයි !
Next articleමෝදි ආව වෙලාවේ ” සාරා ජස්මින්” ගැන ඇහුවේ නැද්ද ? ඒ ඇයි ? මුජිබර් මුල සිහිකරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here