2024 වසරේ කොල්ලුපිටිය මංසන්දියේ දී රිය අනතුරක් සිදු කිරීමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කණිෂ්ඨ නිතිඥවරයාට බැණ මරණ තර්ජනය කළ බවට චෝදනා ගොනු කර තිබූ හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ එම සිද්ධියෙන් නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (20) නියෝග කොට තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර දැනට ඇප මත මුදා හරින ලද හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ වෙනුවෙන් නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කර තිබේ.
මින් අගතියට පත් පාර්ශ්වයට රුපියල් ලක්ෂ 10 ගෙවීම හා දෙපාශ්වය අතර ඇති වූ එකගතාවය සම්බන්ධයෙන් නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වා තිබේ