සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර තිබේ.
මෙම පැමිණිල්ල ගොනු කර තිබෙන්නේ රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා පැවැත්වීමට නියමිත තරග විභාගයට අනිවාර්යයෙන් පෙනී සිටින ලෙස සම සෞඛ්‍ය උපාධිධාරී සිසුන්ගේ නිවෙස්වලට ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් දුරකතන ඇමතුම් ලබාදීමේ සිදුවීමක් මතය.
මෙම බඳවා ගැනීම සඳහා තරග විභාගයක් පැවැත්වීමට රජය තීරණය කර තිබූ අතර ඊට සම සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් සහ සම සෞඛ්‍ය උපාධිධාරීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙයි.
27 වැනිදා තරග විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති එම විභාගයට පෙනී සිටින ලෙස දන්වමින් අදාළ ශිෂ්‍යයින්ගේ නිවෙස් වෙත ජාතික ජනබලවේගයෙන් ඉදිරි පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්වන අපේක්ෂකයින් ඇතුළු නියෝජිතයින් විසින් දුරකතන ඇමතුම් ලබාදී ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හඬ පට සාක්‍ෂි ඉදිරිපත් කරමින් පවසයි.
සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස විසින් මෙම දැනුම් දීම කරන ලෙස දැනුම් දුන් බවට එම අපේක්‍ෂකයන් විසින් රැකියා අපේක්‍ෂකයන්ට දන්වා ඇති බවට එම හඬ පටවල කියැවෙයි.