Home අද 3%ම ඉල්ලා ඉන්ධන බෙදුම්කරුවන් දැඩි ස්ථාවරයක !

3%ම ඉල්ලා ඉන්ධන බෙදුම්කරුවන් දැඩි ස්ථාවරයක !

34
0

ඉන්ධන බෙදුම්කරුවන්ට මෙතෙක් ලැබුණු 3% කොමිස් මුදල අහිමි කිරීමට විරෝධය දක්වමින් ඉන්ධන බෙදුම්කරුවන්  ඉන්ධන ඇණවුම් කිරීම අත්හිටුවීමට පසුගිය සිකුරාදා  ගත් තීරණයේ වෙනසක් නොමැති බව එම සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

මේ හේතුවෙන් ඇණවුම් කළ ඉන්ධන බොහෝදුරට අද (03) දිනය වන විට අවසන් විය හැකි බවත් තොග අවසන් වනතෙක් ඉන්ධන බෙදා හරින බවත් ඔහු එහිදී ප්‍රකාශ කර සිටියි.

ඉන්ධන බෙදුම්කරුවන්ට මෙතෙක් ලැබුණු සියයට තුනක කොමිස් මුදල අහෝසි කිරීමට විරෝධය පළ කරමින් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් ඉකුත් සිකුරාදා (28) සිට ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකීමට තීරණය කරනු ලැබිණ .

සංස්ථාව විසින් විද්‍යාත්මක ක්‍රමයකට අනුව සකස් කරන ලද ක්‍රමයට අනුව මාසය අන්තිමට ඉතුරු වන්නේ රුපියල්  66,330ක් වැනි මුදලකි. මෙය කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර මෙම  මුදලින්, ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ කෙසේ දැයි සංගමය ප්‍රශ්න කරයි.

තමන්ට ලැබෙන කොමිස් මුදල කප්පාදු කිරීමෙන් ලැබෙන මුදල  ඉන්ධන හල් පවත්වාගෙන යෑමට වැය වන වියදමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ත් මේ තත්ත්වය තුළ  ඉන්ධන හල් රාත්‍රි 10, 12 වනතෙක් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවනු  ඇතැයි ද උප සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද සංගමය පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබන අඟහරුවාදා ලබා දී ඇති බවත් සාකච්ඡාවට සහභාගී වන අතර සාකච්ඡා කර ගැටලුව නිරාකරණය කර ගැනීමට බලාපොරොත්තු වන බවත් සඳහන් ය.

තම සංගමයේ යාවජීව සාමාජිකයන් පමණක් හාරසියයකට අධික පිරිසක් සිටින අතර ඊට අමතරව වාර්ෂික සාමාජිකත්වය ලබාගත් පිරිසක් සිටින බව පවසන ඔවුන් සියලු සාමාජිකයන් මෙම විරෝධතාවට එකඟවී ඇති බවද පවසයි.

Previous articleචූටි චූටි පොඩි පොඩි කතන්දර වෙනවා – ඒවා ජාතික ප්‍රශ්න නෙමෙයි – නාමල් කරුණාරත්න
Next articleඛනිජතෙල් බෙඳුම්කරුවන් සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here