ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (03) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
ඉන්ධන බෙදා හැරීම සම්බන්ධව මතුව තිබෙන අර්බුදකාරී තත්ත්වය සහ ඉදිරි පියවර සම්බන්ධව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
ඉන්ධන පිරවුම් හලකින් අලෙවි කරන තෙල් ලීටරයකින් 3% ක් ඉන්ධන බෙදුම්කරුවන් වෙත ලබා දුන්නද එය පසුගිය සතියේ සිට ඛනිජතෙල් සංස්ථාව නතර කිරීමම නිසා ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය විය.
බෙදුම් කරුවන් වෙත ලබාදෙන ලද 3% කොමිස් මුදල හිටිහැටියේම නතර කිරීමට විරෝධය පළ කරමින් පසුගිය සිකුරාදා සිට අලුතින් ඉන්ධන ඇනවුම් නොකර සිටීමට බෙදුම්කරුවන් තීරණය කරනලදී.
මේ තත්වය මත ජනාධිපතිවරයාගෙන් හෝ සාධාරණ පිළිතුරක් නොලැබුණොත් ඉන්ධන ඇනවුම් නොකර සිටීමට ගත් තීරණය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි