Home අද චූටි චූටි පොඩි පොඩි කතන්දර වෙනවා – ඒවා ජාතික ප්‍රශ්න නෙමෙයි –...

චූටි චූටි පොඩි පොඩි කතන්දර වෙනවා – ඒවා ජාතික ප්‍රශ්න නෙමෙයි – නාමල් කරුණාරත්න

69
0

ඉන්ධන පෝලිම් ඇති වීම, හදිසියේ විදුලිය විසන්ධි වීම වැනි පොඩි පොඩි දෑ සිදුවන නමුත් ඒවා ජාතික ප්‍රශ්න බවට පත්නොවන බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නැවත පෝලිම් යුගයක් පැමිණ තිබේ දැයි උත්සව අවස්ථාවකට පසු මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු දෙමිනි.

“ඇත්තටම මෙහෙමයි ඉතින්, සමහර පොඩි චූටි චූටි පොඩි පොඩි කතන්දර වෙන අවස්ථාවන් තියෙනවානෙ. හිටි ගමන් විදුලිය බිඳවැටෙනවා, සන්නිවේදනය හිටි ගමන් බිඳවැටෙනවා, ඒ වගේ පොඩි පොඩි ඇබැද්දි සිද්ධ වෙනවා.

ඒ ඇබැද්දි සිද්ධ වුණායි කියලා මේක ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙන්නෙ නැහැ. එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න කිසිම හේතුවක් නැහැ. තාවකාලිකව සමහර චූටි චූටි දේවල් මතුවෙනවා, නැත්තෙ නැහැ. ඔය හිටිගමන් කරන්ට් එක යන්නෙ, එහෙම වෙනවා.”

Previous articleඛණිජ තෙල් බෙදුම්කරුවන් සහ ආණ්ඩුවේ අර්බුදය අපේ පිට දාන්න එපා : කංචන සියල්ල හෙළිකරයි !
Next article3%ම ඉල්ලා ඉන්ධන බෙදුම්කරුවන් දැඩි ස්ථාවරයක !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here