Home අද ලංකා ඉතිහාසයේ ලෝක බැංකුවෙන් දෙන විශාලතම ණය මුදල අපි ගන්නවා : ජනපති...

ලංකා ඉතිහාසයේ ලෝක බැංකුවෙන් දෙන විශාලතම ණය මුදල අපි ගන්නවා : ජනපති අනුර ගැම්මෙන් කියයි !

3
0

ලංකා ඉතිහාසයේ ලෝක බැංකුව විසින් මෙරටට ලබාදෙන විශාලතම ණය මුදල මෙම වසරේදී ලැබෙනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඒ සම්බන්ධව මේ වන විට සාකච්ඡා කෙරෙමින් තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා ඊට ලෝක බැංකුව එකඟතාව පළකර ඇති බවද සඳහන් කළේය.

ජනාධිපති අනුර දිසානායක මේ බව සඳහන් කර සිටියේ කුරුණෑගල දී පැවැති ජාතික ජන බලවේග සුහද හමුවක් අමතමිනි.

එම ණය මුදල ලබාදීමට දැනටවත් ඔවුන් එකඟතාවය පළකර ඇති බවද ඒ මහතා පැවසීය.

තවද මේ වන විට කසල ප‍්‍රවාහන රථ 28ක් ප්‍රදානයක් ලෙස ලබා දීමට ජපාන රජය එකඟතාවය පළ කර ඇති බවද ජනාධිපතිවරයා පැවසූ අතර ආසියානු සංවර්ධන බැංකුව සමගම මේ වන විට විශාල සාකච්ඡාවක සිටින බවද සඳහන් කළේය

Previous articleඇමෙරිකාවෙන් පැනමාවට අනතුරු ඇඟවීමක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here