Home අද විරෝධය හමුවේ රාජ්‍ය පරිපාලනය පලාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය චක්‍රලේඛනයක් අවලංගු...

විරෝධය හමුවේ රාජ්‍ය පරිපාලනය පලාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය චක්‍රලේඛනයක් අවලංගු කරයි!

68
0

රාජ්‍ය ආයතන පවත්වාගෙන යන සියලු ගොඩනැගිලි නිදහස් උළෙල වෙනුවෙන් 03-04 දිනවල විදුලි ආලෝකයෙන් අලංකරණය කරන ලෙස චක්‍රලේඛනයක් මගින් රජය දැනුම් දී තිබුණද ඊට එරෙහිව මතුවූ දැඩි විරෝධය හමුවේ එය අවලංගු කර ඇත.

77 වන නිදහස් උළෙල විශේෂ අවස්ථාවක් ලෙස සලකා කටයුතු කරන මෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් නිකුත් කළ 1/2025 එම චක්‍රලේඛනයේ ඇතැම් කරුණු ක්‍රියාත්මක නොකරන ලෙස නැවත නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනවාරි මස නිකුත් කරන ලද චක්‍රලේඛනය මගින් දැනුම් දී තිබුනේ නිදහස් උළෙල වෙනුවෙන් පෙබරවාරි මස
01 දින සිට 07 දින දක්වා සතියක කාලයක් රජයේ ආයතන පවත්වාගෙන යන සියලු ගොඩනැගිලිවල ජාතික කොඩිය ඔසවා තබන ලෙසය.

එසේම පෙබරවාරි 03-04 දිනවල එම ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකාරය කරන ලෙසත් එම චක්‍රලේඛනය මගින් උපදෙස් දී තිබිණි.

නමුත් විදුලි අර පිරි මැස්ම හා විදුලි අලංකරණය සඳහා වැය වන පිරිවැය සම්බන්ධව ඉදිරිපත් වූ අදහස් යෝජනා සහ නියෝජනයන් සැලකිල්ලට ගෙන එම චක්‍රලේඛනයේ ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය යන කරුණ අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලනය පලාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.

මෙතෙක් නිදහස් උත්සව පැවැත්වීමට වැය කළ අනවශ්‍ය වියදම් අවම කරමින් මෙවර චාම්ව අඩු වියදමකින් නිදහස් දින උත්සවය පවත්වන බව ප්‍රකාශ කර තිබුණද ඒ තුළ මෙලෙස ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කිරීම.ගුවන් යානා පෙරහුරු වැනි අංගයන්ට අධික පිරිවැයක් දැරීමට සිදුවන බවට සමාජ මාධ්‍ය හා විවිධ පාර්ශ්ව වලින් දැඩි විරෝධයක් මතු විය.

නිදහස් උත්සවය වෙනුවෙන් අඩු පිරිවැයක් දරන බව පෙන්නුවත් ඒ තුළ නාස්තිකාර වියදම් රැසක් අන්තර්ගතව ඇති බව පෙන්වා දෙමින් දිගින් දිගටම එල්ල වූ විවේචන හමුවේ ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකාරනය කිරීම වැනි අංග මෙලෙස අවලංගු කිරීමට රජය රජයට සිදුව ඇත.

Previous articleනියෝජ්‍ය ඇමැති අර් එම් ජයවර්ධන මහතා අපහසුතාවයකට!
Next articleරාජ්‍ය ආයතන 113ක් ප්‍රතිව්‍යුහගතකරණය කරනවා : අමාත්‍යංශ ලේකම් හෙළිකරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here