Home අද ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු අප්‍රිකාවට ලබාදෙන සියලුම අරමුදල් කපාහරී.

ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු අප්‍රිකාවට ලබාදෙන සියලුම අරමුදල් කපාහරී.

2
0

දකුණු අප්‍රිකාවට ලබා දෙන ආධාර කපා හැරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

දකුණු අප්‍රිකාව විසින් ඇතැම් ජන කොටස්වලට පහත් ආකාරයෙන් සැලකීම හා ඉඩම් රාජසන්තක කිරීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම තීරණය ගෙන තිබෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දකුණු අප්‍රිකාවේ මෙම ක්‍රියාවන් සඳහා එක්සත් ජනපදය පෙනී නොසිටින බවත් මෙම තත්ත්වය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදුකර අවසන් වනතුරු දකුණු අප්‍රිකාවට ලබාදෙන සියලුම අරමුදල් කපා හරින බව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර තිබේ.

මේ අතර ට්‍රම්ප්ගේ මෙම ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තමා කනස්සල්ලට පත් නොවන බව දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා ප්‍රකාශ කර තිබෙන බව ද විදෙස් වාර්තා දක්වා තිබේ

Previous articleලංකා ඉතිහාසයේ ලෝක බැංකුවෙන් දෙන විශාලතම ණය මුදල අපි ගන්නවා : ජනපති අනුර ගැම්මෙන් කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here