Home අද ආතතිගත පසුබිමක : ජනපති අනුර හා පොලිස් කොමිසම අතර මුහුණට මුහුණ හමුවක්...

ආතතිගත පසුබිමක : ජනපති අනුර හා පොලිස් කොමිසම අතර මුහුණට මුහුණ හමුවක් !

14
0

පොලිස් කොමිසමේ නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ඊයේ (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇත.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සෙසු සාමාජිකයින් මෙම සාකච්ඡාවට සහභාගිව තිබෙන බවද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොලිසියේ ඇතැම් ස්ථාන මාරුවීම් සිදුකිරීමට පොලිස් කොමිසම මැලිකමක් දක්වන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගියදා කළුතර පැවති ප්‍රසිද්ධ රැලියේදී චෝදනා කර සිටියේය. අනතුරුව සිරස රූපවාහිනීයේ සටන වැඩසටහනේදී ද ජනාධිපතිවරයා දැක්වූ අදහස් අනුව පොලිස් කොමිසම සහ ආණ්ඩුව අතර යම් ආතතිගත තත්ත්වයක් පවතින බව පෙනෙන්නට තිබිණ.

කෙසේ වුවත් මෙම සාකච්ඡාව පවත්වා තිබෙන්නේද එම තත්ත්වය ඇතුළු පොලිස් කොමිසමේ වත්මන් වැඩකටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා බව දැනගන්නට ඇත.

ඒ අනුව මෙම සාකච්ඡාවේදී ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලතලවලට අනුව නීත්‍යානුකූලව තමන් විසින් සිය රාජකාරී කටයුතු සිදුකරන බව මෙන්ම ජාතික පොලිස් කොමිසමේ ක්‍රියාකලාපය සම්බන්ධව ජනාධිපතිවරයාව දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.

පොලිස් කොමිසමේ වැඩ කටයුතු ස්වාධීනව පවත්වාගෙන යාමට උපදෙස් දී ඇති ජනධිපති අනුර කුමාර දිසානායක එහි කටයුතුවලට කිසිදු බලපෑමක් එල්ල නොකරන බවට ද සහතිකයක් ලබා දී ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් මෙතෙක් ජනාධිපති මාධ්‍ය අංශය මඟින් නිල නිවේදනයක් නිකුත්කර නැත.

Previous articleඇමතිලාට දෙන ඉන්ධන ප්‍රමාණය ඉහලට : උපදේශකයනුත් වැඩි කරලා ! (මෙන්න සාක්ෂි )
Next articleවැඩ බැරි ආණ්ඩුවේ පළමු දේශපාලන දඩයම අනුර යාපායි : චම්පික සැරටම අමතයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here