කොළඹ කොටුව ප්රධාන බස් නැවතුම්පල ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන යටතේ කඩිනමින් නවීකරණය කරන ලෙස ජනතාව ඉල්ලා සිටිනවා.
වසර ගණනාවක් පුරා නිසි ප්රතිසංස්කරණයකට ලක් නොවූ කොළඹ කොටුව ප්රධාන බස් නැවතුම්පළ මේ වනවිට අප්රසන්න ස්ථානයක් බවට පත්ව ඇත.
බුලත් කෙළ ගැසූ මගී පර්යන්ත සහ විනාශයට පත්වූ මගී ආසන මෙන්ම , සනීපාරක්ෂක පහසුකම්වල ඇති ගැටලුවද විශාල අර්බුදයක් බවට පත්ව ඇත.
දෛනිකව දේශීය මෙන්ම විදෙස් සංචාරකයින් විශාල පිරිසක් මෙම බස්නැවතුම්පල භාවිතයට ගනු ලබයි.
බස් නැවතුම්පළ සම්බන්ධයෙන් සිදුකරන ලද විශේෂ වැඩසටහනක් පහතින් දැක්වේ.