කොළඹ වරායේ පවතින බහාලුම් අවහිරතාව විසඳීම සඳහා රේගුව ඇතුළු අදාළ ආයතන පැය විසි හතර පුරා රාජකාරිය කිරීමට ජනාධිපතිවරයා හමුවේ එකඟ වී තිබේ.
ඒ අනුව එම ගැටළුවට ඉදිරි දින දහය තුළ විසඳුම් ලැබෙනු ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
ගත වූ සති දෙකක කාලය ඇතුළත නැව් තිහක් ආපසු හැරී ගොස් ඇති බවද හෙතෙම සඳහන් කළේය.
එසේ නොවීමට අවශ්‍ය කටයුතු මීට වසර හතරකට පහකට පෙර කර තිබුණේ නම් මෙම ගැටළුව අද දිනයේ මතු නොවන බවද හෙතෙම කියා සිටියේය.
ජනාධිපති කාර්යාලය ඉදිරියේදී මාධ්‍ය අමතමින් මාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.
ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ශ්‍රී ලංකා රේගුව සහ වරාය ආශ්රිත සේවා සපයන සංගම් සමග ජනාධිපති කාර්යාලයේ අද (12) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා රේගුව ඇතුළු රාජ්‍ය අංශයේ පවතින ගැටලු සහ වරාය ආශ්රිත සේවා සපයන සංගම්වල ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එමෙන්ම, වරාය ක්ෂේත්රය සංවර්ධනය කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වන නමුත් මෙම අවස්ථාවේදී පවතින තත්ත්වය නිරාකරණය සඳහා සියලුදෙනා එක්ව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.