Home අද අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් මෙරටට ඇතුළුවීමේ අවදානමක් – මහජන ආරක්ෂක හෙළිකරයි

අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් මෙරටට ඇතුළුවීමේ අවදානමක් – මහජන ආරක්ෂක හෙළිකරයි

25
0

අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් පමණ ඉදිරි කාලය තුළදී මෙරටට ඇතුළු වීමේ අවදානමක් පවතින බව බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී අද ( 08) පැවැති විවාදයට එක්වෙමින් මේ බව පැවසූ අමාත්‍යවරයා මේ වන විට මියන්මාර් අනවසර සංක්‍රමණිකයින් 116 දෙනෙක් රට තුළට ඇතුල් වී තිබෙන බවත් සඳහන් කළේය.

මෙලෙස පැමිණෙන සංක්‍රමණිකයින් අධික ලෙස මුදල් ගෙවා මේ ආකාරයට පැමිණෙන බවත් දැන් එය ජාවාරමක් බවට පත්ව ඇති බවත් ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධව පොලිසිය විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා දැනට පැමිණ සිටින අයට අවශ්‍ය ආහාර පාන සහ අනෙකුත් පහසුකම් ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ලබා දෙන බවද පැවසීය.

Previous articleප්‍රශ්න පත්‍ර පිටකළ ගුරුවරයාගේ වැඩ තහනම්!
Next articleආණ්ඩුවේ ප්‍රබල පුටු කිහිපයක් තිගැස්සෙයි – පැන්ඩෝරා පත්‍රිකා එළියට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here