Home අද අන්තරේට වාරණයක්

අන්තරේට වාරණයක්

232
0

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ඒ අවට ප්‍රධාන ආයතන කිහිපයකට අද ( 08) සවස 01 සිට 04 දක්වා කාලය තුළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන්ට ඇතුල්වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග නියෝගයක් නිකුත් කර ඇත.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් කොළඹ කොටුව දුම්රියපොළ ස්ථානයේ සිට පවත්වනු ලබන උද්ඝෝෂණය සම්බන්ධයෙන් කොටුව පොලිසිය විසින් කරන ලද කරුණු ඉදිරිපත් කිරීම සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය. ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව යන ස්ථානවලට ඇතුල් විය නොහැකි බව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු ක්‍රියාකාරීන් වෙත මෙම නියෝගය නිකුත් කරමින් සඳහන් කර ඇත.

Previous articleClean Sri Lanka ගැන දින දෙකක පාර්ලිමේන්තු විවාදයක්
Next articleදෙවන එක්දින තරඟයේ ජයත් සමඟ තරගාවලියේ ජය නවසීලන්තයට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here