Home අද බිමල් සහ විජිත සමඟ ජනපති චීනයට!

බිමල් සහ විජිත සමඟ ජනපති චීනයට!

25
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරය එළඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා සිදු කිරීමට නියමිතව තිබෙන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.
චීන සංචාරය සඳහා අමාත්‍යවරුන් වන බිමල් රත්නායක සහ විජිත හේරත් යන මහත්වරුන් ද එක්වීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මේ අතර “එක් චීනයක් ප්‍රතිපත්තිය” සම්බන්ධයෙන් විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදීමට ද තීරණය කොට තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා රජය “එක් චීනයක් ප්‍රතිපත්තිය” අඛණ්ඩව අනුගමනය කර ඇති අතර, එමඟින් නීත්‍යානුකූල චීනය ලෙස මහජන චීන සමූහාණ්ඩුව පමණක් පිළිගන්නා බවත්, තායිවානය චීනයේ එක් පළාතක් ලෙස පමණක් පිළිගන්නා බවත් අදහස් කරනු ලබයි. ශ්‍රී ලංකා රජයේ එකී ප්‍රතිපත්තිය ඵ් අයුරින්ම තවදුරටත් අනුගමනය කරමින් ඊට අනුගතව කටයුතු කරනු ඇති බවද සඳහන්.

Previous articleකාර්ය මණ්ඩල දිරි දීමනාව අනුමත කරන ලෙස සජිත්ගෙන් ඉල්ලීමක්
Next articleරාජ්‍ය මාධ්‍ය, චීන සමූහ ආණ්ඩුවේ ආයතන සමග ගිවිසුම් ගත කිරීමට කැබිනට් අනුමැතිය!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here