නීති විරෝධී හුණු ගල් ප්‍රවාහන ටිපර් ලොරි රථ පැමිණෙන තෙක් මග රැක සිටි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ඉලන්කුමාරන් මහතා එවැනි හුණුගල් පැටවූ ටිපර් රථයක් යාපනය ත්‍රිකුණාමලය මාර්ගයේදී ඊයේ රාත්‍රියේ නවතා පොලිසියට භාරදී ඇත.
නීති විරෝධීව හුණුගල් ප්‍රවාහනය කරමින් සිටි ට්‍රක් රථය සමග එහි පැමිණි පුද්ගලයන් දෙදෙනෙක්ද මන්ත්‍රීවරයා විසින් චාවාකච්චේරිය පොලීසියට භාරදී තිබේ.
යාපනය ප්‍රදේශ කිහිපයක කලක සිට නීති විරෝධී ලෙස හුණුගල් කපා ප්‍රවාහනය කිරීම නිසා දැඩි පරිසර දූෂණයක් සිදුවෙන බව පරිසරවේදීහු පෙන්වා දෙති.
මෙලෙස නීති විරෝධීව කපන හුණු ගල් ටිපර් හා ලොරි රථ යොදාගෙන ත්‍රිකුණාමලය සිමෙන්ති කර්මාන්ත ශාලාවට ගෙනවිත් අලෙවිකර මුදල් ලබා ගැනීමේ ව්‍යාපාරයක එක්තරා කණ්ඩායමක් නිරතව සිටිති.
මන්ත්‍රීවරයා විසින් පොලිසියට බාරදෙන ලද හුණුගල් පැටවූ ටිපර් රථය සහ සැකකරුවන් දෙදෙනා අද (06) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.