ගුරුවරුන්ගේ උසස් වීම් වලට අදාළ කාර්යක්ෂමතා කඩඉම් සඳහා වන මොඩියුල වැඩසටහන ගැටලුකාරී තත්ත්වයක් පැවතීම නිසා ලක්ෂයකට අධික ගුරුවරුන්ගේ උසස්වීම් සහ වැටුප් වර්ධක මේ වන විට ගැටලුකාරි තත්වයකට පැමිණ ඇති නමුත් ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරිය නිසි මැදිහත්වීමක් නොකරන බව ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.
මේ නිසාම එම ගැටලුව සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයත්, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයත් එක්ව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කර තිබෙනවා.
මෙහි විශේෂම කාරණාව මේ මොඩියුල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තරම් හැකියාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මධ්‍යස්ථානවලට නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය විසින්ම වාර්තාවක් මගින් එළිදක්වා තිබීමයි
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඊයේ (05) පවසා සිටියේ පවතින ගැටළු සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක් හෝ ලබා නොදෙන අධයාපන අමාත්‍යවරිය නිලධාරීන්ගේ උපදෙස් මත පමණක් ක්‍රියාත්මක වන බවයි.
ගුරු ගැටළු වෙනුවෙන් නිසි පියවරක් නොගන්නේ නම් ඒ පිළිබඳ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හෙට (07) දිනයේ රැස්වෙන බව ජෝසප් ස්ටාර්ලින් වැඩිදුරටත් සඳහන් කළා.