Home අද කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ඉල්ලා අස්වේ!

කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ඉල්ලා අස්වේ!

139
0

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සිය ඉල්ලා අස්වීම නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, නව නායකයෙකු තෝරා ගන්නා තෙක් තමන් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටින බව ඔහු එහි සඳහන් කර ඇත්තේ.

ඉන්දියාව සමග උද්ගත වූ රාජ්‍ය තාන්ත්‍රික අර්බුධය හමුවේ අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට ටෲඩෝට පාලක ලිබරල් පක්ෂයෙන් දැඩි පීඩනයක් පසුගිය කාලයේදී එල්ල වී තිබුණා.

ටෘඩෝගේ මෙම තීරණය සම්බන්ධයෙන් වාර්තා වන්නේ, ඔක්තෝබර් අග වන විට පැවැත්විය යුතු මැතිවරනයකදී ලිබරල්වාදීන් නිල විපක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂය හමුවේ දරුණු ලෙස පරාජයට පත් වනු ඇතැයි මත විමසුම්වලින් පෙන්නුම් කරන මොහොතකදී වීම විශේෂ ය.

ඒ අනුව ඔහුගේ ඉවත් වීමෙන් පසු පක්ෂයේ ස්ථිර ප්‍රධානියෙකු සම්බන්ධයෙන් මෙතෙක් හෙළිව නොමැති අතර ලිබරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි සංඛ්‍යාවක්, ටෘඩෝගෙන් ඉවත් වන ලෙස ප්‍රසිද්ධියේ ම ඉල්ලා ඇති බවත් සඳහන්.

ටෘඩෝ 2013 දී ලිබරල් නායකයා ලෙස වැඩ භාර ගත්තේ පක්ෂය දැඩි අර්බුදයකට ලක්ව සිටියදී යි.

Previous articleඅධ්‍යාපන අමාත්‍යවරියට, ලංකා ගුරු සංගමයෙන් චෝදනා !
Next articleමම කළේ විහිළුවක් – කැබිනට් අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here