සාම්ප්‍රදායන්ට පටහැනිව යමින් දේශපාලන හිතවත්කම් මත සබරගමුව මහා සමන් දේවාලයට වැඩ බලන බස්නායක නිලමේවරයෙකු පත්කිරීමට විරෝධය පළ කරමින් දේවාලය ඇතුළු කට්ටුවේ නිල රාජකාරී මඩුල්ල රාජකාරී කටයුතුවලින් ඉවත්ව ඇත.
හිටපු බස්නායක නිලමේවරයාගේ රාජකාරී කාලසීමාව අවසන් වීමෙන් පසු වැඩ බැලීමම සඳහා එස් පී චන්ද්‍රසිංහ මහතා වැඩ බලන බස්නායකවරයා ලෙස පත්කරනු ලැබ තිබේ.
මෙම පත් කිරීම ආණ්ඩුවේ දේශපාලන මැදිහත්වීම මත සිදුව ඇති බැවින් ඔහු එම ධූරයෙන් ඉවත් කරන තෙක් රාජකාරී කටයුතුවලින් බැහැරවීමට සමන් දේවාලයේ කපු මහත්වරු ඇතුළු කාර්ය මණ්ඩලය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු අමාත්‍යංශය අද හදිසි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කරුණු පැහැදිලි කිරීමට නියමිතය.
සබරගමු මහා සමන් දේවාල සම්ප්‍රදායට අනුව කිසිදු කාලයක මෙලෙස දේශපාලන ක්‍රියාකාරීන් බස්නායක තනතුරට පත්කර නැති බව දේවාලයේ කටයුතුවලින් තාවකාලිකව ඉවත්ව සිටින රාජකාරී මණ්ඩපය අනාවරණය කළේය.