Home අද භාණ්ඩාගාරය හිස් කියාගෙන රන්වල කරළියට : උපාධි සහතික ප්‍රශ්නයත් යළි මතුවෙයි...

භාණ්ඩාගාරය හිස් කියාගෙන රන්වල කරළියට : උපාධි සහතික ප්‍රශ්නයත් යළි මතුවෙයි !

1786
0

හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මෙවර පාර්ලිමේන්තු සැසියේදී ප්‍රශ්න කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් වන බව වාර්තා වෙයි.

පසුගිය 13 වැනිදා ඔහු කතානායක දුරින් ඉල්ලා අස්වූයේ තමන්ගේ ආචාර්ය උපාධියට අදාළ ලිඛිත සහතික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට නිවේදනයක්ද නිකුත් කරමින් වන නමුත් මේ වන විට ඊට සති දෙකක කාලයක් ගතවී ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් දැනගන්නට නොමැති බවද විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසයි.

පසුගිය සමයේ අශෝක රන්වල පෙනී සිටියේ තමන් ජපානයේ වසේදා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත්තෙකු සහ මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් අයෙකු ලෙසයි.

කෙසේ වෙතත් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ලබාගත් ඉංජිනේරු උපාධි සහතිකය ද මෙතෙක් ඉදිරිපත් කිරීමට ඔහු සමත්ව නැත.

මේ අතර පසුගියදා ගම්පහ පැවති ජන හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පවසා සිටියේ අද වන විට රජයේ භාණ්ඩාගාරය පතුලටම හිඳී ඇති බවත්, එවන් තත්ත්වයක් යටතේ පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් සහ දීමනාවන් රජය ලබා දුන්නේ ඉතාම අපහසුවෙන් බවත් ය.

එබැවින් බදු ගෙවන ජනතාව එම කටයුතු නිසි ලෙස සිදුකළ යුතු බවද ඔහු පැවසීය

Previous articleප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කළ සමාගමේ හිමිකරු අංගොඩ යවයි !
Next articleහිටපු ජනාධිපති සහ අගමැතිගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට CID සැලසුම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here